වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

කොමියුනිස්ට් පක්ෂයේ XIII වන පක්ෂ මධ්‍යම කාරක සභික සහ වියට්නාමයේ පළාත් පක්ෂ කමිටුවේ ලේකම් බී වැන් ජිම් ගේ නායකත්වයෙන් සාමාජිකයින් 35 දෙනෙකුගෙන් සමන්විත වියට්නාමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් 2023 නොවැම්බර් 17 දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය මහතා හමුවිය.

මෙම හමුව අතරතුර, දේශපාලන, වෙළඳ සහ ආයෝජන, සංස්කෘතිය, අධ්‍යාපනය සහ සංචාරක යන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීමට සහ වැඩිදියුණු කිරීමට ඇති කැපවීම මෙම හමුවේදී යළිත් තහවුරු විය.

සාකච්ඡා අතරතුර, කලාපීය ආර්ථික හවුල්කාරිත්ව (RCEP) ගිවිසුමට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති ඉල්ලීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය.

සංචාරයේ නිරත වියට්නාම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතරතුර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමුවිය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ 01

2023 නොවැම්බර් 17

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close