විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහාය වෙයි

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහාය වෙයි

 2020 ජුනි 01 වැනි දින සිට අගෝස්තු 15 වැනි දින දක්වා ක්‍රියාත්මක වන ‘සැනටෝරියා 2020’ වැඩසටහන යටතේ ඉතාලි බලධාරීන් විසින් ලබා දී ඇති පොදු සමාවෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉතාලියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහාය වීමට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පියවර ගෙන තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳ සන්දර්භය හමුවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන ශ්‍රමිකයන්ගෙන් ලියකියවිලි නොමැතිවීම සඳහා දඩ මුදල් අය නොකිරීමට අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා පියවර ගෙන ඇති අතර, අදාළ  ගාස්තු ද යුරෝ 330 සහ යුරෝ 420 සිට, යුරෝ 140 දක්වා අඩු කර ඇත. මෙම වැඩපිළිවෙල මඟින් දැනට ඉතාලියේ රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 20,000 කට පමණ ප්‍රතිලාභ සැලසෙන අතර, ඔවුන්ගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමෙන් පසුව, ඉතාලියේ සේවය කිරීම සඳහා වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසෙනු ඇත.

විදේශ සබඳතා අමාත්‍යාංශය
ශ්‍රී ලංකාව
2020 ජූලි 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close