විදේශ සබදතා අමාත්‍යාංශය මාලදිවයිනේ සිටින වඩාත් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ යවයි

විදේශ සබදතා අමාත්‍යාංශය මාලදිවයිනේ සිටින වඩාත් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ යවයි

IMG_8345

මාලේ නගර සීමාව තුළ  හා ඉන් පිටත සිටින ශ්‍රී ලාංකිකයන් අතර මාදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා බෙදාහැරීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිලෝග්‍රෑම් 10,000 ක් (ඇසුරුම් 2000) විදේශ සබදතා අමාත්‍යාංශය විසින් එම කාර්යාලය වෙත යවා ඇත. මෙය COVID-19 වසංගතය පැතිරයාමත් සමඟම මාලදිවයින් රජය විසින් රතු සංඥාවක් ප්‍රකාශයට පත්කර ඇති විශේෂයෙන්,  මාලේ අගනුවර සිටින අතිශයින් අවදානම් තත්ත්වයකට මුහුණදී සිටින හා ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබාගැනීම සීමා වී ඇති පුද්ගලයන්ගේ දුෂ්කරතා රැසක් අවම කිරීම සඳහා ගන්නා ලද ප්‍රයත්නයකි.

2020 ජුනි 7 වන දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් පිරිවැය රහිත පදනමක් මත මාලදිවයිනට මෙම ආධාර කට්ටල ගෙනයාම සදහා විදේශ අමාත්‍යාංශයට සහයෝගීතාවය දක්වන ලදි. මෙම ලබාදීමට නියමිත එක් ආධාර කට්ටලයක් අයිතම 18 කින් සමන්විත වන අතර මෙම ශ්‍රී ලාංකිකයන්ට බහුල වශයෙන් අවශ්‍යවන ක්ෂණික ආහාර ද්‍රව්‍ය , සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ඖෂධ වැනි මූලික භාණ්ඩ ඊට ඇතුළත් වෙයි.

ශ්‍රී ලාංකිකයන් 7000 ක් පමණ මේ වනවට මාලදිවයිනෙන් නැවත මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අතර මෙයින් 2000කට ආසන්න ප්‍රමාණයක් මාලේ අගනුවර වෙසෙයි. මේ පිළිබදව විදේශ සබදතා අමාත්‍යාංශය දැනටමත් මාලදිවයින් බලධාරීන් සමග සාකච්ඡා කර ඇති අතර ඔවුහු ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට පිටත්වීමට පෙර ගෙවීම් සිදුකිරීමේ පදනම මත පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පහසුකම් සැලසීම සඳහා කැමැත්ත පළකොට තිබේ.

ශ්‍රී ලංකා රජයෙන් විශේෂ මුදල් වෙන්කිරීමක් මගින් ලබාදුන් අරමුදල් උපයෝගීකරගනිමින් හා ශ්‍රී ලාංකික ප්‍රජා සංගම් හා ප්‍රාදේශීය සංවිධාන සමග සහයෝගීතාවයෙන් කටයුතු කරමින් බොහෝ විදේශීය අගනගරවල පිහිටි ශ්‍රී ලංකා දූතමණ්ඩල වියලි ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබාදෙමින් විදේශ රටවල වෙසෙන සංක්‍රමණික ප්‍රජාවලට අඛණ්ඩව සහාය ලබාදෙති. ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන්නන්හට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අඛණ්ඩව සහාය ලබාදීම සහ පහසුකම් සැලසීම ද සිදුකරන අතරදීම අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදි එම රටලදීම හදිසි වෛද්‍ය ප්‍රතිකාර ද ලබාදීම සදහා ද සහාය දක්වයි.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 ජූනි 09

Video Link: https://drive.google.com/file/d/1sF1WeRYp1pnHbq7bbhIRgkknbStrsYKc/view?usp=sharing

IMG_8414IMG_8438

1

IMG_8548

Print Friendly, PDF & Email
Please follow and like us:

Close