විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඉතියෝපියාවේ සංචාරයක

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඉතියෝපියාවේ සංචාරයක

Image 3-Meeting with H.E. the President Mr. Mulatu Teshome _2

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා 2018 සැප්තැම්බර් 13-17 යන දිනවල ඉතියෝපියාවේ නිල සංචාරයක නිරත විය. 1972 දී ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කෙරුණු අතර, අඩිස් අබාබා නුවර ශ්‍රී ලංකා නේවාසික තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සහ ඉතියෝපියාවේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් 2017 වසරේ පෙබරවාරි මාසයේදී නිල වශයෙන් විවෘත කරන ලදී.

රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා වෙනුවෙන් ඉතියෝපියානු විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිනි හිරුත් සෙමෙනේ මහත්මිය උදෑසන භෝජන සංග්‍රහයක් පැවැත්වූවාය. එම හමුවට ඉතියෝපියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ සහභාගී වූහ. ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමද , සහයෝගීතා ක්ෂේත්‍ර විවිධාංගීකරණය කිරීමද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ව්‍යාපාරික නියෝජිත පිරිස් හුවමාරු කරගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර,වෙළෙඳ නියෝජිත පිරිසක නායකත්වය දරමින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන  ලෙසට ඉතියෝපියානු විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිනියට රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා ඇරයුම් කළේය.

රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා ඉතියෝපියානු ජනාධිපති මුලාතු තෙෂෝමේ මහතාද බැහැ දුටුවේය.

සිය සංචාරය අතරතුරදී, අප්‍රිකානු සංගම් කොමිසමේ මූලස්ථානයටද ගිය රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා අප්‍රිකානු සංගම් කොමිසමේ වැඩ බලන සභාපති සහ සාමය හා ආරක්ෂාව පිළිබඳ කොමසාරිස් ස්මායිල් චෙර්ගුයි මහතාද හමුවිය. අප්‍රිකානු සහ ආසියානු මහාද්වීප අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. අප්‍රිකානු නොවන රාජ්‍යයක් වශයෙන් 2014 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව අප්‍රිකානු සංගමයේ අක්ත ගැන්වූ තත්ත්වය ලබා ගත් අතර අඩිස් අබාබා නුවර ප්‍රථම නේවාසික ශ්‍රී ලංකා තානාපතිවරයා අප්‍රිකානු සංගම් කොමිසමේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වශයෙන් 2016 දෙසැම්බර් මාසයේදී සිය අක්ත පත්‍ර භාර දුන්නේය.

තවද, ඉතියෝපියානු ආයෝජන කොමිසමේ සහ ඉතියෝපියානු වාණිජ මණ්ඩලයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වූ රාජ්‍ය අමාත්‍යවරයා, ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා  ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ සහ ඉතියෝපියාවේ පවතින වෙළෙඳ හා ආයෝජන අවස්ථා පිළිබඳව තොරතුරු හුවමාරු කර ගත්තේය. රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා අඩිස්  අබාබා නුවර පිහිටි යුනෙස්කෝ කාර්යාලයටද ගියේය.

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති සහ අප්‍රිකානු සංගම් කොමිසමේ නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතාද රාජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම රැස්වීම්වලට සහභාගී විය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අඩිස්  අබාබා

 

2018 සැප්තැම්බර් 18 වැනිදා

Image 4-Meeting with H.E. the President Mr. Mulatu Teshome_1

Image 1-Meeting with Hirut Zemene State Minister of Foreign Affairs of Ethiopia

????????????????????????????????????

Print Friendly, PDF & Email
Please follow and like us:

Close