විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය ධුරයෙහි වැඩ භාර ගනියි

 විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය ධුරයෙහි වැඩ භාර ගනියි

අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (2024 සැප්තැම්බර් 25 වැනි දින) එම අමාත්‍යාංශයේ පැවැති චාම් උත්සවයකදී සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අමාත්‍ය හේරත් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 2000 වසරේ සිට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කර ඇත. ඔහු මීට පෙර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ.

විජිත හේරත් අමාත්‍යවරයා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 සැප්තැම්බර් 25 වැනි දින

 

  

Print Friendly, PDF & Email
Please follow and like us:

Close