විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා නොබැඳ ජාතීන්ගේ ව්‍යාපාරයේ නියෝජිතයන් දැනුවත් කරයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා නොබැඳ ජාතීන්ගේ ව්‍යාපාරයේ නියෝජිතයන් දැනුවත් කරයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 අප්‍රේල් 7 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ (NAM) රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් හමුවිය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ඒ සඳහා රජයේ ප්‍රතිචාර පිළිබඳව විදේශ අමාත්‍යවරයා තානාපතිවරුන් දැනුවත් කළේය. මෙම සාකච්ඡාවට දේශපාලන හා ආර්ථික අංශ ද ඇතුළත් විය.

සාකච්ඡා වූ අනෙකුත් කරුණු අතරට, ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති සම්පාදනය ප්‍රතිසංස්කරණය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සඳහා සූදානම් වීම ද ඇතුළත් විය.

ඊජිප්තුවේ තානාපති මැගඩ් මොස්ලේ මැතිතුමා සියලු තානාපතිවරුන් වෙනුවෙන් කතා කරමින්, අවංක සාකච්ඡාවක් සඳහා ලබාදුන් අවස්ථාව අගය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අප්‍රේල් 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close