විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය සඳහා වන සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා සහභාගී වෙයි

විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය සඳහා වන සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා සහභාගී වෙයි

රුසියානු ජාත්‍යන්තර සහයෝගීතා සංගමයේ මහලේකම් ව්ලැඩිමීර් පොලොස්කොව් මහතාගේ ආරාධනයකට අනුව, රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකාවේ තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා මෙම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී විය.

මෙම අන්තර් ක්‍රියාකාරිත්වය සඳහා වන රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලාංඡනය, රුසියා - ඉන්දියා මිත්‍රත්ව සංගමයේ සභාපති සහ රුසියා - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ භාරකාර මණ්ඩලයේ සාමාජික, එලෙක්ට්‍රොස්ටල් ලෝහවිද්‍යා කර්මාන්ත ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් එව්ගනි ෂිල්නිකොව් මහතා වෙත ප්‍රදානය කරන ලදි.රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම, සාමය හා රාජ්‍යයන් අතර මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම පිණිස සහයෝගය ලබා දීම සඳහා සක්‍රීයව කටයුතු කිරීම වෙනුවෙන් මෙම සම්මානය පුරවැසියන් වෙත පිරිනමනු ලැබේ.

මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය වැඩිදියුණු කිරීම, විවිධ රටවල් අතර අන්තර් ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම සහ ඔවුන් උනන්දුවක් දක්වන කරුණු ප්‍රවර්ධනය කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කිරීම පිළිබඳව තානාපති එම්.ඩී. ලමාවංශ මැතිතුමා සිය සුබ පැතුම් පිරිනමමින් ෂිල්නිකොව් මහතාට ස්තූතිය පුද කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 ජූලි 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close