විදේශ කටයුතු අමාත්‍යතුමා ශෝක පණිවුඩ පුස්තකයට අත්සන් තබයි

විදේශ කටයුතු අමාත්‍යතුමා ශෝක පණිවුඩ පුස්තකයට අත්සන් තබයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයෙඩ් අල් නහ්යන් මැතිතුමාගේ අභාවය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේ ස්ථාපිත කොට ඇති ශෝක පණිවුඩ පුස්තකයට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විසින් මැයි 15 වැනි දින අත්සන් තබන ලදී.

අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයෙඩ් අල් නහ්යන් මැතිතුමාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ බලවත් ශෝකය පළ කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මැයි 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close