විදේශ ඇමති මෙරට රැදී සිටින විදෙස් රටවල කොන්සල් ජනරාල්වරු හමුවෙයි

විදේශ ඇමති මෙරට රැදී සිටින විදෙස් රටවල කොන්සල් ජනරාල්වරු හමුවෙයි

කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්ව ඇති ශ්‍රි ලංකාවට විදෙස් රටවල සහය ලබා ගැනිමට මැදිහත් වන්නැයි විදේශ ඇමති ශ්‍රි ලංකාවේ නේවාසික ගරු කොන්සල් ජනරාල් වරුන් ගෙන් ඉල්ලා සිටියේය.කොළඹ නේවාසිකව සිටින පිලිපීනය,ඕස්ටේලියාව,බල්ගේරියාව,සීචෙලිස්,ඉක්වදෝර්, හා පෝලන්ඩ් යන රටවල් නියෝජනය කරන ගරු කොන්සල්වරු ඉකුත් 2 වනදා විදේශ අමාත්‍යවරයා විදේශ අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.
නොබැදි විදේශ ප්‍රතිපත්තියක් සහිත ශ්‍රි ලංකා රජය විදෙස් රටවල් සමග සහයෝගයෙන් මිත්‍රශීලිව කටයුතු කරන නිසා ඒ ඒ රටවල සහය ලබා ගැනීමට පහසු වී ඇති බවද ඒඅනුව ශ්‍රි ලංකාවේ ආර්ථික,හා ව්‍යපාරික කටයුතු වලදී  සහය ලබා ගැනිම සදහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
Print Friendly, PDF & Email
Please follow and like us:

Close