විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා හමු වෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා හමු වෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා 2021 ඔක්තෝබර් 26වන දින විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේදී (Foreign, Commonwealth and Development Office) පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු (Commonwealth and Development Affairs) පිළිබඳ එක්සත් රාජධානියේ රාජ්‍ය ලේකම් එළිසබෙත් ට්රුස් මහත්මිය හමු වූයේය.

සුදුසුකම් ලද ජනගහනයෙන් 82%ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක්කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ජන ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බව අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා විදේශ ලේකම් එළිසබෙත් ට්රුස් මහත්මිය දැනුවත් කළේය. වසංගත කාලසීමාව තුල කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය සාමාන්‍ය අගයන්ගෙන් වැඩිදියුණු වෙමින් පවතින බවත්, අනෙකුත් ව්‍යාපාරද එලෙසම වැඩිදියුණු වෙමින් පවතින බවත් එතුමා විසින් දැනුම් දෙන ලදී. වසංගත තත්ත්වයේ උච්ඡතම අවස්ථාවේදීත් නම්‍යශීලී අයුරින් පවත්වා ගත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පුද්ගලික ආරක්ෂක උපකරණ (PPEs) වැනි වෙනත් අයිතමයන්ද නිෂ්පාදනය කිරීම සඳහා යොමු වූ බව එතුමා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව - එක්සත් රාජධානිය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාව ඉතා ශක්තිමත් බවත්, දෙරට අතර පොදු ලක්ෂණ ගණනාවක් පවතින බවත්, ඒ අනුව ශක්තිමත් පදනමක් ගොඩනගාගත හැකි බවත් අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා සඳහන් කළේය. ලංකාව යටත්විජිතයක් ලෙස පැවැතියදී, නිදහස දිනාගැනීමට වසර 17කට පෙර ද ශ්‍රී ලාංකිකයින් සර්වජන ඡන්ද බලය භුක්තිවිඳිම තුල ශ්‍රී ලංකාව ශක්තිමත්, එමෙන්ම දිගුකාලීනව සාක්ෂාත් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ලෙස පෙන්වා දිය හැකි නිදසුනක් බවද ඔහු පෙන්වා දුන්නේය.

නිදහස් සුව සේවාව හා විශ්වවිද්‍යාල මට්ටම දක්වා නිදහස් අධ්‍යාපනය ලබා දීම වැනි මානව සම්පත් සංවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික රජයන් සිදුකර ඇති සාර්ථක ආයෝජන පිළිබඳ පෙන්වා දෙමින්, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය හරහා බිහි වු ඇතැම් විද්වතුන් එක්සත් රාජධානියේ ආර්ථිකයට දායකත්වය ලබා දෙන බව අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා සඳහන් කළේය.

දේශපාලනය, වෙළඳාම, මූල්‍ය, නෛතික හා අධ්‍යාපන යන මේ කවරාකාරයේ අංශයක් වේවා, ශ්‍රී ලංකා ජන ජීවිතයේ සියලුම අංශ තුල බ්‍රිතාන්‍ය බලපෑම දක්නට ලැබෙන බව පවසමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය. ප්‍රධාන පෙලේ ශ්‍රී ලාංකික සමාගම් නාමයන් සිය ආරම්භය පිළිබඳ සනිටුහන් කරන අතර, බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයින් විසින් ඒවා ස්ථාපිත කරනු ලැබ ඇත. ඉන්දියාව හා පකිස්ථානය සමඟ අත්සන් තබා ඇති නිදහස් වෙළඳ ගිවිසුම් කෙරෙහි අවධානය යොමු කරමින්, මෙවැනි ගිවිසුම් මගින් මෙම වෙළපොලවල් වෙත අපනයනය කිරීම සඳහා නිෂ්පාදන සිදු කිරීමට බ්‍රිතාන්‍ය සමාගම් වෙත අවස්ථාව හිමිවන බවත්, ඒ සඳහා සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කරනු ලබන බවත් එතුමා ප්‍රකාශ කර සිටියේය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඩයස්පෝරාව සමඟ සංවාදයක් ගොඩනගාගැනීම වෙනුවෙන් තමා දිරිමත් කරන ලද බවත්, දෙමළ ජාතික සන්ධානය ඒ වෙනුවෙන් සහභාගිකරවාගැනීමට රජයද උත්සාහ දරමින් සිටින බවත් එතුමා විසින් තවදුරටත් දැනුම් දෙන ලදී. රජයද සිවිල් සංගම් සංවිධාන සමඟ සබඳතා ඇතිකරගෙන සිටින අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි ඇතැම් සැකකරුවන් නිදහස් කර ඇති සේම ආටෝපවලින් තොර, එහෙත් වැදගත් වූ සංශෝධන සිදු කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත අධ්‍යයනය කරමින් පවතී. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානිපූර්ණය සඳහා වන කාර්යාලය සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය වැනි කාර්යාල ද ඵලදායී කටයුතුවල නිරත වන බවද එතුමා ප්‍රකාශ කර සිටියේය.

විදේශ ලේකම් එළිසබෙත් ට්රුස් මහත්මිය අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා පල කරන ලද අදහස් සමඟ එකඟ වූ අතර, ශ්‍රී ලංකාවට පැමිණීම ඇය වාසනාවක් සේ සලකන බවත්, දෙරටවල් තව තවත් ආයෝජනවල නිරත විය යුතු බවත් ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවද පාර්ශ්වකරුවෙකු බවට පත්කරගත හැකි අයුරින් එක්සත් රාජධානිය පුළුල් ආයෝජන කළඹක් වැඩිදියුණුකරමින් සිටින බව එතුමිය තවදුරටත් සඳහන් කළාය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ඔක්තෝබර් 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close