විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් හා සබැඳි දේශීය යාන්ත්‍රණවල ප්‍රගතිය සමාලෝචනය කරයි ප්‍

 විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් හා සබැඳි දේශීය යාන්ත්‍රණවල ප්‍රගතිය සමාලෝචනය කරයි ප්‍

රතිසන්ධානය සහ මානව හිමිකම් හා සබැඳි දේශීය යාන්ත්‍රණවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා  සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 ජූලි 4 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවක් පවත්වන ලදී.

මෙම හමුවේදී අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ තිරසාර සංවර්ධන කවුන්සිලය හා සබැඳි කටයුතු සාකච්ඡාවට බඳුන් වූ අතර, මෙම යාන්ත්‍රණ යටතේ සිදු කෙරෙන කටයුතු කඩිනම් කිරීමට මෙන්ම මෙම ආයතන මුහුණ දෙන සියලුම අභියෝග විසඳීම සඳහා පවතින ක්‍රමවේද ගවේෂණය කෙරිණි.

මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ මෙම ආයතන සිදු කළ ක්‍රියාකාරකම් අගය කළ විදේශ අමාත්‍යවරයා, ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා නිරන්තරයෙන්  රැස්වීම් පවත්වන බවද ප්‍රකාශ කළේය.

ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ තිරසාර සංවර්ධන කවුන්සිලය යන ආයතනවල නිලධාරීහු ද මෙම හමුව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූලි 07 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close