විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ ‘හමුවීම් වෙන්කරවා ගැනීමේ පද්ධතිය’ සඳහා 1919 ඇමතුම් මධ්‍යස්ථාන සේවා ස්ථාපිත කිරීම

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ ‘හමුවීම් වෙන්කරවා ගැනීමේ පද්ධතිය’ සඳහා 1919 ඇමතුම් මධ්‍යස්ථාන සේවා ස්ථාපිත කිරීම

කොන්සියුලර් කටයුතු අංශයේ ක්‍රියාපටිපාටිය විධිමත් කිරීම සහ එම අංශයට දිනපතා පැමිණෙන මහජනතාවට සහය වීම යන අරමුණු කේන්ද්‍ර කරගනිමින්, දැනට යොදා ගන්නා පුද්ගලිකව පැමිණ සේවා ලබාගැනීමේ ක්‍රමයට අමතරව, විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතිය (eDAS) මගින් තම සහතික/ලේඛන සත්‍යාපනය කරගැනීමට කැමති අයවලුන්ට සිය හමුවීම් වෙන්කරවා ගැනීමේ පද්ධතියක්, මෙම අමාත්‍යංශය රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919 ඇමතුම් මධ්‍යස්ථානය) සමඟ එක්ව හඳුන්වා දී ඇත.

කොන්සියුලර් කටයුතු අංශයෙන් ලේඛන සත්‍යාපනය කිරීමේ සේවා ලබාගැනීම සඳහා මේ වන විට ස්ථාපිත කර ඇති මාර්ගගත හමුවීම් පද්ධතිය‍ හරහා සිය හමුවීම් වෙන්කරවා ගැනීමට නොහැකි මහජනතාව කෙරෙහි මෙම හමුවීම් වෙන්කරවා ගැනීමේ පද්ධතිය තුළින් අවධානය යොමු කෙරේ.

2022 ජනවාරි 27 වැනි බ්‍රහස්පතින්දා දින සිට මෙම නව පද්ධතිය හරහා සේවාවන් ලබා ගත හැකි ය. ඕනෑම දුරකතන ජාලයකින් 1919 අමතා වේලාව වෙන් කරගැනීමට කැමති ඕනෑම අයෙකුට, එම ඇමතුමට ප්‍රතිචාර දක්වන නියෝජිතයා විසින් සපයනු ලබන උපදෙස් අනුගමනය කිරීමෙන් තම සේවාව ලබා ගත හැකි ය.

පුද්ගලිකව මෙම අංශයට පැමිණ සේවා ලබාගැනීම සහ මාර්ගගත හමුවීම් වෙන්කරවා ගැනීමේ පද්ධතිය මේ වන විට ක්‍රියාත්මක වන අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත්‍ර සත්‍යාපනය කිරීම හැර අනෙකුත් කොන්සියුලර් සේවා ලබාගැනීම සඳහා යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල වෙත පිවිසෙන ලෙස මහජනතාව උනන්දු කෙරේ.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 ජනවාරි 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close