වැඩබලන කොන්සල් ජනරාල්වරයා ආසියානු රටවල කොන්සල් ජනරාල්වරු හමුවෙයි

වැඩබලන කොන්සල් ජනරාල්වරයා ආසියානු රටවල කොන්සල් ජනරාල්වරු හමුවෙයි

ශ්‍රී ලංකාවේ වැඩබලන කොන්සල් ජනරාල් ටී.එෆ්.එම්. ආශික් මහතා සිංගප්පූරුවේ කොන්සල් ජනරාල් සයිඩ් මුහම්මද් රසිෆ් අල්ජුනයිඩ් මහතා, මැලේසියාවේ කොන්සල් ජනරාල් අලවුද්දින් බින් මොහ්ඩ් නෝර් මහතා, ඉන්දුනීසියාවේ කොන්සල් ජනරාල් එකෝ හාර්ටොනෝ මහතා, ජපානයේ කොන්සල් ජනරාල් ඉසුරු ෂිම්මුරා මහතා, බෲනායි හි කොන්සල් ජනරාල් බෙන්ජිරාන් මුහම්මද් සලිමීන් බින් ඩාවුඩ් මහතා, පිලිපීනයේ කොන්සල්ජ නරාල් එඩ්ගර් ටෝමස් කිව්. ඔක්සිලියන් මහතා සහ කොරියාවේ කොන්සල් ජනරාල් බයොන්ග් ජින් හන් මහතා යනාදීහු 2021 ඔක්තෝම්බර් 07 වැනි දින සෞදි අරාබියේ ජෙඩා හිදී පවත්වන ලද දිවා භෝජන සංග්‍රහයකින් සමන්විත සාකච්ඡාවක් සඳහා සහභාගී වූහ.

මෙම සාකච්ඡාව අතරතුර දී සංක්‍රමණික සේවක සුභසාධනය, ලේඛනගත නොකළ සංක්‍රමණික සේවකයන් සඳහා සහය ලබා දීම, සෞදි කම්කරු නීතියේ නවතම ප්‍රතිසංස්කරණ සහ ප්‍රවණතා යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වන හවුල් අවශ්‍යතා සහ පොදු වටිනාකම් පිළිබඳ කරුණු සාකච්ඡාවට බඳුන් කෙරිණි. අනාගතයේ දී මෙම දූත මණ්ඩල අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කොන්සල් ජනරාල්වරු සිය එකඟත්වය පළ කළහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ජෙඩා

2021 නොවැම්බර් 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close