වප් පොහෝ දිනය නිමිත්තෙන් වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බුද්ධ පූජාවක් සහ ධර්ම දේශනයක් සංවිධානය කරන ලදී

වප් පොහෝ දිනය නිමිත්තෙන් වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බුද්ධ පූජාවක් සහ ධර්ම දේශනයක් සංවිධානය කරන ලදී

වස් පවාරණය කිරීම සහ වප් පොහෝ දිනය නිමිති කොට ගෙන වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය බුද්ධ පූජාවක් සහ ධර්ම දේශනයක් ඔක්තෝම්බර් මස තිස්වෙනි දින තානාපති කාර්යාලය පරිශ්‍රයේදී සිදුකරන ලදී.  මෙම බුද්ධ පූජාව මෙීරීලන්ඩී බෞද්ධ විහාරයේ විහාරාධිපති අති පුජ්‍ය කටුගස්තොට උපරතන නායක ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද අතර පුජ්‍ය නැදගමුවෙි පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ ධර්ම දේශනය පවත්වන ලදී.

මෙම බුද්ධ පූජාව පවත්වමින් අති පුජ්‍ය කටුගස්තොට උපරතන නායක ස්වාමීන් වහන්සේ විසින් කොවිඩි 19 උවදුරින් පීඩාවට පත් ජනතාව ඇතුලු සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට සෙත් පතන ලදී. පූජ්‍ය නැදගමුවෙි පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ් වප් පොහොයෙහි ඇති වැදගත්කම සහ එම පොහොය ආශ්‍රිතව සිදුවු වැදගත් සිදුඵීම් අලලා ධර්ම දේශනය සිදුකල සේක.  අනතුරුව මෙීරිලන්ඩි විහාරවාසී ගරුතර මහා සංඝරත්නය වෙත දහවල් දානය පිරිනැමීම ද සිදුකරන ලදී.

මෙම බෞද්ධාගමික වැඩසටහනට තානාපති රොඩිනි පෙරේරා මැතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගි විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී

2020 ඔක්තෝබර් මස 30 දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close