ලොව පුරා බෞද්ධ තොරතුරු රැස් කීරිමට විදේශ අමාත්‍යංශය පියවර ගනී

ලොව පුරා බෞද්ධ තොරතුරු රැස් කීරිමට විදේශ අමාත්‍යංශය පියවර ගනී

ලෝකය පුරාඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබදව තොරතුරු එක්රැස් කර ලේඛන ගත කීරිමට විදේශ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩ පිළිවෙල තුලින් ලෝකයේ බෞද්ධ රටවල් සමග ශ්‍රි ලංකාවේ සබදතා පුළුල් කිරිමට විදේශ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ. ප්‍රථම වතාවට ශ්‍රි ලංකා රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට මෙරට තෛ‍යිනිකායික මහ නාහිමිවරුන් දැනුවත් කර උන්වහන්සේලා ගේ සහය හා මග පෙන්වීම් ලබා ගැනීමටද අමාත්‍යවරයා කටයුතු කරමින් සිටි.

ඡායරූපයේ දැක්වෙන්නේ ලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබදව එක් රැස්කල  තොරතුරු පිළිබද පළමු ලේඛනය විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් විශ්වනාත් අපොන්සු මහතා විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට බාර දෙන අයුරුයි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close