ලොව පුරා කොවිඩ් වසංගතයට ගොදුරුවූවන්ට සෙත් පතා ඕස්ට්‍රියාවේ විශේෂ කඨින පූජා පිංකමක්

ලොව පුරා කොවිඩ් වසංගතයට ගොදුරුවූවන්ට සෙත් පතා ඕස්ට්‍රියාවේ විශේෂ කඨින පූජා පිංකමක්

ලොව පුරා කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් ඕස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කර තිබූ විශේෂ කඨින පූජා මහෝත්සවය ඉකුත් 26 දා ඕස්ට්‍රියාවේ, වියානා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි

එක්සත් රාජධානිය, ඉතාලිය, ජර්මනිය, ස්වීඩනය හා ඩෙන්මාර්කය යන රටවලින් පැමිණි මහා සංඝයාවහන්සේලා ද මෙම උත්සවයට සහභාගි වී සිටියහ. ඔස්ට්‍රියන් ධම්ම-සෙන්ට්‍රම් න්යානාපොනිකා හි විහාරාධිපති ආචාර්ය විජයරාජපුර සීලවංශ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ආගමික උත්සවයේදී මහා සංඝයාවහන්සේලා, කොවිඩ්-19 වසංගතයෙන් මිදීම සඳහා සෑම වර්ගයකටම, සෑම ආගමකටම සහ සෑම ජාතියකටම අයත්, සියළුම මනුෂ්‍ය වර්ගයාට ආශිර්වාද කළහ. ශ්‍රී ලාංකික ජනතාවට සහ තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලයට විශේෂ ආශිර්වාදයක්ද කළහ.

මෙම උත්සවය පවත්වන ලද්දේ, කොවිඩ්-19 ට අදාළව ඔස්ට්‍රියාවේ පවතින නීතිරීතිවලට අනුකූලවය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2020 ඔක්තෝබර් 30

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close