ලෙබනන් හා සිරියානු ⁣ජාතිකයන් එරටවල සිංහල බෞද්ධයින් සමඟ පෙහෙවස් සමාදන් වෙයි

ලෙබනන් හා සිරියානු ⁣ජාතිකයන් එරටවල සිංහල බෞද්ධයින් සමඟ පෙහෙවස් සමාදන් වෙයි


රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජා සුභසාධන වැඩසටහනේ කොටසක් ලෙස පොසොන් පොහොය, , ලෙබනන් සහ සිරියානුවන්ගේ  එරටවල සිටින ශ්‍රි ලාංකිකයන් සහභාගීත්වයෙන් 2021 ජුනි 27 වන  සමරනු ලැබීය. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරස්ථානයේ පූජ්‍ය මාරතුගොඩ උපරත්න හිමි විසින් සූම් තාක්‍ෂණය තුළින් වැඩසටහන මෙහෙය වන ලදි.

පිරිස අෂ්ඨශීලයෙහි පිහිටවනු ලැබූවේ අලව්ව ශ්‍රී සෝනුත්තර පිරිවෙනේ  විශ්‍රාමලත් පරිවේණාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කෝන්වැවේ සිරිසුමන හිමි විසිනි. හිරිවඩුන්න, කෑගල්ල ශ්‍රී ශල්‍යාරාම විහාරවාසී පූජ්‍ය දෙලිවල බුද්ධරක්ඛිත හිමි විසින් සිල් පවාරණය හා කෙටි අනුශාසනාවක් සිදුකරන ලදි.

මෙම වැඩසටහනේ විශේෂත්වය වූයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ පදනමේ සභාපති පූජ්‍ය පස්යාලේ විමලරත්න හිමි විසින් ඉංග්‍රීසියෙන් සිදු කළ ධර්ම සාකච්ඡාවයි. මේ සඳහා ලෙබනන් මුස්ලිම්වරුන් සහ කතෝලිකයන් සහභාගී විය.

ආමිස පූජා, ගිලන්පස සහ දිවා දානය රත්නදීප ජාත්‍යන්තර විගමණික මණ්ඩපය විසින් සපයන ලදි.

පොසොන් දාන පරමිතා හි කොටසක් ලෙස නෙබුලයිසර්, අධෝරක්ත නළල උෂ්ණත්වමාන, සනීටයිසර් නැනෝ ස්ප්‍රේ උපකරණ, ලෝහ ගෘහ භාණ්ඩ, මෙට්ට ආදිය අලුතින් පිහිටුවන ලද ඇඳන් 300ක් සහිත දොම්පේ අතරමැදි COVID -19 ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2021 ජූලී 02 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close