ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිකිණි පොහොය සැමරුම - 2021

ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිකිණි පොහොය සැමරුම – 2021

රාජ්‍ය තාන්ත්‍රික හා ප්‍රජා සුබ සාධන වැඩසටහනේ කොටසක් ලෙස නිකිණි පොහොය දින ධර්ම දේශනයක් 2021 වැඩසටහන 2021 අගෝස්තු 29 ඉරිදා ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි.

මෙම වැඩසටහන සංවිධානය කළ රටවිරු පදනමේ සභාපති, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් "ජීවිතය සහ බුදු දහම" පිළිබඳ ධර්ම දේශනාව සූම් තාක්ශණය ඔස්සේ මෙහෙයවන ලද අතර වැඩසටහනට රටවිරු පදනම සහ රත්නදීප ජාත්‍යන්තර විගමණික මණ්ඩපයේ සාමාජිකයින් හා ශ්‍රී ලාංකික විගමණික ප්‍රජාව මෙන්ම ලෙබනයේ මුස්ලිම් හා කතෝලික ප්‍රජාවද සහභාගි විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බේරූට්

2021 සැප්තැම්බර් 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close