රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද්විපාර්ශ්වික වෙළදාම ප්‍රවර්ධනය කිරීම සඳහා වෙබිනාර් සාකච්ඡාවක් පවත්වයි

රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද්විපාර්ශ්වික වෙළදාම ප්‍රවර්ධනය කිරීම සඳහා වෙබිනාර් සාකච්ඡාවක් පවත්වයි

රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සෞදි අරාබියේ දම්මාම් හි නැගෙනහිර පළාත් වාණිජ මණ්ඩලය (අශාර්කියා වාණිජ මණ්ඩලය), අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා 2021සැප්තැම්බර් 14 දින සෞදි අරාබිය දෙරටේම සමාගම් සියයකට අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් යුතුව වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කළේය.

අෂාර්කියා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති අබ්දුල්හකිම් අල්ඛාල්දි මහතා සහභාගී වූවන් සාදරයෙන් පිළිගනිමින්, දෙරට අතර ව්‍යාපාරික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා සෞදි ආනයනකරුවන් සමඟ අවශ්‍ය සම්බන්ධීකරණයන් ලබා දෙමින් ශ්‍රීලාංකික අපනයනකරුවන් වෙත උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික විය.

විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආර්ථික කටයුතු) පී.එම්. අම්සා මහතා ඔහුගේ ආරම්භක කතාවේ දී මෙම වැඩසටහන මඟින් දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා ඉහළ නංවන බව සඳහන් කළේය. මෙම අවස්ථාව සංවිධානය කළ සියලුම පාර්ශවකරුවන්ට ඔහු සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ (අලෙවි) අනෝමා ප්‍රේමතිලක මහත්මිය ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කළ  අතර මෙමඟින් සෞදි වෙළඳපොළ සඳහා භාණ්ඩ සැපයිය හැකි විවිධ ශ්‍රී ලාංකික නිෂ්පාදන සහ අපනයන සමාගම් ආවරණය වූ අතර , ශ්‍රී ලංකාවේ සමාගම්වල අංශ වශයෙන් නියෝජනය කරන ආකාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් ද සිදු කෙරිණි.

සෞදි ආර්ථිකය සහ ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර පවතින වෙළෙඳ සබඳතා පදනම් කරගෙන  අශාර්කියා වාණිජ මණ්ඩලයේ රඩ්වාන් මහතාගේ ඉදිරිපත් කිරීම සිදු කරන ලද අතර , දැනට ලක්ෂයකට වැඩි සාමාජිකයින් සංඛ්‍යාවක් සිටින අශාර්කියා වාණිජ මණ්ඩලය සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳ කෙටි විස්තරයක් ද ඊට ඇතුළත් වූ අතර සෞදි ආයෝජන අමාත්‍යාංශයේ මජීඩ් මහතා සිය ඉදිරිපත් කිරීමේ දී සෞදි අරාබියේ ආයෝජන අවස්ථා සහ ආයෝජකයින් සඳහා සෞදි රජය මඟින් සපයනු ලබන සේවාවන් පිළිබඳව පැහැදිලි කළේය.

සෞදි හා ශ්‍රී ලාංකික සමාගම් සමඟ ව්‍යාපාරික සම්බන්ධතා පහසු කර ගැනීම සඳහා එම වාණිජ මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද විශේෂ වෙළඳ ද්වාරයේ ලියාපදිංචි වන ලෙස ලෙස අශාර්කියා වාණිජ මණ්ඩලය සිය ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලාංකික සමාගම්වලට ආරාධනා කළේය.

සමාප්ත කිරීමේ අදහස් ප්‍රකාශ කරන ලද්දේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය (වාණිජ) සංජීව පට්ටිවිල මහතා විසිනි. ශ්‍රී ලංකා වෙළදුන් සඳහා සෞදි  ව්‍යාපාරික ප්‍රජාව වෙතින් නිවැරදි හවුල්කරුවන් හඳුන්වා දීම තුළින් සමස්ත වෙළඳාම ඉහළ නැංවීම සඳහා  තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙවැනි පළමුවැනි වෙබිනාර් සාකච්ඡාව මෙය විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2021 සැප්තැම්බර් 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close