යුනෙස්කොවේ  ශ්‍රි ලංකා නිත්‍ය නියොජිතවරියට තවත් තනතුරක්

යුනෙස්කොවේ  ශ්‍රි ලංකා නිත්‍ය නියොජිතවරියට තවත් තනතුරක්

යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය, විවෘත විද්‍යාව පිළිබඳ යුනෙස්කෝ නිර්දේශය ආශ්‍රිත අන්තර් රාජ්‍ය විශේෂ කමිටුව සඳහා ආසියා ශාන්තිකර කණ්ඩායම (ඇස්පැක්) නියෝජනය කරන උපසභාපති ලෙස පත් කර තිබේ.

2021 මැයි 3 වැනිදා අතථ්‍යව පැවැති ඇස්පැක් පූර්ණ රැස්වීමේදී මෙම පත්වීම ප්‍රකාශයට පත් කර ඇත.

විවෘත විද්‍යාව යනු සියලු පාර්ශවකරුවන්ගේ සක්‍රීය සහභාගිවීම (විවෘත සමාජය) සහිතව විද්‍යාත්මක තොරතුරු, දත්ත සහ නිමැවුම් වඩා පුළුල්ව ප්‍රවේශයක් ලබා ගැනීමට (විවෘත ප්‍රවේශය) සහ වඩා විශ්වසනීය ලෙස යොදා ගැනීමට ඉඩ සලසන ඉහළ බලපෑමක් සහිත පර්යේෂණ දක්වා මග පෙන්වන්නා වූ විද්‍යාත්මක ව්‍යවසායකයක නව සුසමාදර්ශයක් බව නිත්‍ය නියෝජිතවරිය පැහැදිළි කර දුන්නාය.

විවෘත විද්‍යාව පිළිබඳ යුනෙස්කෝ නිර්දේශයේ කෙටුම්පත පෙළට අදාළ අන්තර් රාජ්‍ය විශේෂ කමිටුවේ රැස්වීම 2021 මැයි 6-7 සහ 10-11 දිනයන්හි පවත්වන ලදි.

අන්තර් රාජ්‍ය රැස්වීමේදී විශේෂඥයන් සහ සාමාජික රාජ්‍යයන් විසින් අනුමත කළ එහි අවසන් කෙටුම්පත 2021 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත 41 වන මහ සම්මේලනයේදී සම්මත කරගැනීම සඳහා ඉදිරිපත් කරනු ඇත.

ශාන්ත ලුසියාහි නියෝජිත වේරා ලැකොඉයුයිල්හේ මහත්මිය විසින් මුලසුන දැරූ විශේෂ රැස්වීමට 200 කට වැඩි පිරිසක් සහභාගි වන ලදී. සාමාජික රටවල නියෝජිතයන්,  විද්‍යා සංවිධාන, විද්‍යා කැඳවුම් නියෝජිතායතන, ආශ්‍රිත සාමාජිකයන් (පදනම්, පුද්ගලික අංශය) සහ නිරීක්ෂකයන් ඒ අතර විය. එහිදී ප්‍රධාන කථිකයන් සියලු දෙනා විවෘත විද්‍යාව පිළිබඳ යුනෙස්කෝ නිර්දේශයේ කෙටුම්පත පෙළ සකස්කිරීම සඳහා තීරණාත්මක වන්නා වූ මෙම සැසියේ වැදගත්කම අවධාරණය කරන ලදි.

කොවිඩ්-19 අර්බුදයේ සංදර්භය තුළ මෙන්ම මනුෂ්‍ය වර්ගයා මුහුණ පා ඇති අනෙකුත් ගෝලීය අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා විද්‍යාත්මක දැනුම වෙත විවෘත ප්‍රවේශය සහ සහයෝගිතාව තානාපතිනී හිරිඹුරේගම මහත්මිය අවධාරණය කළ අතර මෙම ඉහළ පෙළේ සංසදයේදී සාමාජික රටවල් සියල්ල ඒ බැව් පිළිගන්නා ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

පැරීසිය

2021 ජූනි 05 වන දින

Please follow and like us:

Close