යුනිසෙෆ් සංවිධානයේ  නව රටේ නියෝජිතවරයා විදේශ අමාත්‍යවරයා වෙත සිය අක්තපත්‍ර ඉදිරිපත් කරයි

යුනිසෙෆ් සංවිධානයේ  නව රටේ නියෝජිතවරයා විදේශ අමාත්‍යවරයා වෙත සිය අක්තපත්‍ර ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා හදිසි අරමුදලේ (යුනිසෙෆ්) නව රටේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සිය අක්තපත්‍ර 2021 ජූලි 05 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වෙත පිළිගැන්වීය.

අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අක්තපත්‍ර පිළිගනිමින්, 1950 දශකයේ මුල් භාගයේ සිට යුනිසෙෆ් සංවිධානය ළමුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම සඳහා සහාය වෙමින්, ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ බව සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් සංවිධානය විසින් සිදුකරන ලද කැපී පෙනෙන කාර්යයන් සහ විශේෂයෙන් ජාතික සංවර්ධනය අනාගතය කරා රැගෙන යාම සඳහා අවශ්‍ය වෙනස පිළිබඳ නියෝජිතයන් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවේ දරුවන් බල ගැන්වීම, දැනුවත් කිරීම සහ සක්‍රීය කිරීම සඳහා දරන උත්සාහය අගය කරන බව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා පිළිගත්තේය. යුනිසෙෆ් සංවිධානයේ කොවිඩ්-19 ප්‍රතිචාරය සහ සමාජ ආරක්ෂාව පිළිබඳව ද එතුමා අදහස් දැක්වීය.

මුල් ළමාවිය, මධ්‍යම ළමා කාලය සහ නව යොවුන් විය ලෙස වර්ගීකරණය කර ඇති දරුවෙකුගේ වර්ධනයේ හා සංවර්ධනයේ අවධීන් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා නිර්මාණය කොට ඇති යුනිසෙෆ් හි ළමා කේන්ද්‍රීය ප්‍රවේශය පිළිබඳව විස්තර කරමින්, ප්‍රධාන වශයෙන් ළමුන් සමඟ ඍජුව සම්බන්ධ වී ඇති තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා 2030 තිරසාර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට යුනිසෙෆ් සංවිධානය අපේක්ෂා කරන බව යුනිසෙෆ් රටේ නියෝජිතවරයා අවධාරණය කළේය.

නව යුනිසෙෆ් රටේ නියෝජිතවරයාගේ ධූර කාලය තුළ දී ශ්‍රී ලංකා රජය සහ යුනිසෙෆ් සංවිධානය අතර අඛණ්ඩව පවතින විශිෂ්ට සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අපේක්ෂාව පළ කළේය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 ජූලී මස 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close