මෙරටින් නික්ම යන ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපතිවරයා විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවෙයි

මෙරටින් නික්ම යන ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපතිවරයා විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවෙයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති ජුමා හම්දාන් හසන් අල් ෂෙහි මැතිතුමා 2022 ජුලි 07 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවී එතුමාගෙන් සමුගත්තේ ය.

දෙරට අතර පවත්නා සබඳතා ශක්තිමත් කිරීම සහ විශේෂයෙන් ආර්ථික සහයෝගිතා ක්ෂේත්‍ර තුළ  සහ බහුපාර්ශ්වික සංසදවලදී දැක්වූ සහයෝගය වෙනුවෙන් නික්ම යන තානාපතිවරයා දැරූ විශිෂ්ට උත්සාහය විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමාගේ  පැසසුමට ලක් විය.

සිය ධුර කාලය තුළශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා තමාට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ඕමාන තානාපති ජුමා හම්දාන් හසන් අල් ෂෙහි මැතිතුමා අමාත්‍ය පීරිස් මැතිතුමා වෙත සිය ස්තූතිය පුද කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූලි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close