මෙඩෙසින්ස් සොන්ස් ෆ්‍රොන්ටීයර්ස් (Medecins Sans Frontieres) හි ප්‍රධානී හමුවීම

මෙඩෙසින්ස් සොන්ස් ෆ්‍රොන්ටීයර්ස් (Medecins Sans Frontieres) හි ප්‍රධානී හමුවීම

ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විස්තෘත වැඩසටහනේ කොටසක් ලෙස, තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය සහ දෙවන ලේකම් ටී. ලක්ෂ්මිධරන් මහතා විසින් ජූනි මස 9 දින කීර්තිමත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන (INGO) මෙඩිසින්ස් සොන්ස් ෆ්‍රොන්ටීයර්ස් (Medecins Sans Frontieres)  හි මෙහෙවර ප්‍රධානී ජූලියන් රයික්මන් මහතා ඇතුලු කාර්ය මණ්ඩලය හමුවිය.

මෙම රැස්වීමේදී වෛද්‍ය උපකාර අවශ්‍ය ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා වැදගත්වන ක්‍රමවේද සහ වෛද්‍ය උපකාර සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් කරන ලදි. ඒ අතර COVID -19 එන්නත ලබාදීම, සංක්‍රමණික සේවකයන් සඳහා මානසික උපදේශන ලබාදීම, රෝගීන්ගේ රහස්‍යභාවය රැකීම, ලේඛනගත නොකළ සංක්‍රමණික සේවකයින් හඳුනා ගැනීම සහ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් නැවත මව්රට බලා පිටත් කර යැවීමට උනන්දු කිරීම යන කරුණු මූලික විය.

මෙඩෙසින්ස් සැන්ස් ෆ්‍රොන්ටීයර්ස් (Medecins Sans Frontieres) වෙනුවෙන් සංක්‍රමණික සේවක ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක මායා ට්‍රැඩ් මහත්මිය ද සහභාගී විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2021 ජූනි මස 15 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close