මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ පවත්වන ලද ලක්ෂ්මි පූජාව සහ දීපවාලි උත්සවය

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ පවත්වන ලද ලක්ෂ්මි පූජාව සහ දීපවාලි උත්සවය

මුම්බායි හි පිහිටි ‍ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, දීපවාලි උත්සවය සැමරීම නිමිත්තෙන් 2022 ඔක්තෝබර් 21 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී ලක්ෂ්මි පූජාවක් සංවිධානය කළේ ය. මුම්බායි හි පිහිටි දූත මණ්ඩලවල ප්‍රධානීන් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයේ නිලධාරීන්, ඉහළ පෙළේ සංස්ථාවල විධායක නිලධාරීන්, සංස්කෘතික හා ආගමික ආයතනවල නියෝජිතයන් සහ සංචාරක ක්‍රියාකරුවන් ඇතුළු 80 දෙනෙකුට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

හින්දු පූජකතුමකු, සාම්ප්‍රදායික හින්දු ආගමික චාරිත්‍රවලට අනුකූලව ලක්ෂ්මි දේවියට පුද පූජා පවත්වමින් සහ යදිමින් මෙම පූජාව පැවැත්වී ය. මෙම සම්ප්‍රදායික සැරසිලි සහ පූජාව අගය කළ සහභාගී වූ පිරිස, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික සංහිඳියාව පැසසුමට ලක් කළහ.

මෙම පූජාවෙන් අනතුරුව කොත්තු, ආප්ප, ඉඳිආප්ප, තේ, කොකිස්, දොදොල් වැනි ශ්‍රී ලාංකික සම්ප්‍රදායික ආහාර පාන වර්ග සහ අතුරුපසවලින් සමන්විත රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.මෑතක දී මුම්බායි හිදී විවෘත කරන ලද 'Spicy Mango' නමැති ශ්‍රී ලාංකික අවන්හල විසින් මෙම උත්සවයේ සංග්‍රහ කටයුතු සිදුකරන ලදී.

මෙම උත්සවය ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී සහ මාධ්‍ය නාලිකා විසින් ආවරණය කරන ලදී.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මුම්බායි

2022 ඔක්තෝබර් 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close