මැනිලා හි පිහිටි කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාලයේ (CPSC) 12 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු පත් වෙයි

මැනිලා හි පිහිටි කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාලයේ (CPSC) 12 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු පත් වෙයි

ශ්‍රී ලංකාවේ මූලස්ථානය පිහිටි කොළඹ ක්‍රමයේ, පුහුණු අංශය වන මැනිලා හි පිහිටි කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාලය (CPSC), ඉතිහාසයේ පළමු වරට එහි 12 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය ගණේමුල්ලේ ලේකමලාගේ ධර්මශ්‍රී වික්‍රමසිංහ මහතා පත් කළේය. ඔහු 2021 සැප්තැම්බර් 1 වැනි දින එම තනතුර භාරගත්තේය.

දක්ෂ සම්මානලාභී අධ්‍යාපනඥයෙකු වන මහාචාර්ය වික්‍රමසිංහ මහතා, ඔහු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ දී ලබා ගත් කාර්මික හා වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ක්‍ෂේත්‍රය පිළිබඳ සිය විශිෂ්ඨ අත්දැකීම් කොළඹ ක්‍රමය තාක්‍ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු පද්ධතිය වෙත රැගෙන එයි. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ විද්‍යාවේදී ගෞරව උපාධිධාරියෙකි. ඔහු මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා, එක්සත් රාජධානියේ ලන්ඩන් කලා විශ්වවිද්‍යාලයෙන් ඉගෙනීම සහ ඉගැන්වීම පිළිබඳ පශ්චාත් උපාධි සහතිකයක් සහ ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ එම්.බී.ඒ. උපාධියක් ලබා ගත්තේය.

නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන්, එහි “තිරසාර සංවර්ධනය සඳහා අන්තර් රාජ්‍ය තාක්‍ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු නායකත්වය දරන ආයතනය” බවට පත් වීමේ දැක්ම ආසියා පැසිෆික් කලාපයේ එහි සාමාජික රටවල් සහ හවුල් සංවිධාන වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සහතික කරමින්, කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාල‍ය නියෝජනය කිරීමේ වගකීම ඔහු විසින් දැරිය යුතු වේ. ඔහු ආසියා පැසිෆික් ප්‍රතීතන හා සහතික කිරීමේ කොමිෂන් සභාවේ (APACC) සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ඇත.

කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාලය යනු 1973 දී ආරම්භ කරන ලද කොළඹ ක්‍රමයේ විශේෂිත ස්වායත්ත ආයතනයකි. මෙම ආයතනය ආසියාවේ සහ පැසිෆික් කලාපයේ තාක්‍ෂණික හා වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුවීම් පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන සුවිශේෂී අන්තර් රාජ්‍ය සංවිධානයකි (IGO). මෙම ආයතනය විසින්, සාමාජික රටවල් 26 ක් වරලත් හා වර්තමාන සාමාජිකයින් ලෙස වර්ගීකරණය කොට ඇත. ඊට ක්‍රියාකාරී සාමාජික රටවල් 16 ක් (ඇෆ්ගනිස්ථානයබංග්ලාදේශය, භූතානයෆීජිඉන්දියාවමැලේසියාවමාලදිවයිනමොන්ගෝලියාවමියන්මාරයනේපාලයපාකිස්ථානයපැපුවා නිව්ගිනියාවපිලිපීනයසිංගප්පූරුවශ්‍රී ලංකාව හා තායිලන්තය), සහ වරලත් සාමාජික රටවල් 12 ක්  (ඕස්ට්‍රේලියාවකාම්බෝජයකැනඩාවඉන්දුනීසියාව, ඉරානයජපානය, දකුණු කොරියාවලාඕසයනවසීලන්තයඑක්සත් රාජධානියඇමරිකා එක්සත් ජනපදයවියට්නාමය) අයත් වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2021 සැප්තැම්බර් 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close