මාධ්‍ය ප්‍රකාශය

මාධ්‍ය ප්‍රකාශය

2021 අප්‍රේල්  මස 1 වැනි දින කොළඹ දී අතථ්‍ය ලෙස පැවැත්වෙන 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා මියන්මාරයේ විදේශ අමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනයක් සම්බන්ධයෙන් තොරතුරු සමාජ මාධ්‍ය වේදිකාවල වාර්තා වී තිබේ.

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සභාපතිත්වය දරන රට සහ මෙම අමාත්‍ය රැස්වීමේ සත්කාරක රට ලෙස, මෙම වසර අග භාගයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේක්ෂිත 5 වැනි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණින් යුතුව, සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සියළුම සාමාජික රටවලට (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය) ආරාධනා කර ඇත.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මාර්තු 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close