මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද දෙවැනි අප්‍රිකානු දූත පිරිස හමුවෙයි

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද දෙවැනි අප්‍රිකානු දූත පිරිස හමුවෙයි

නවදිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ පවත්වන නිරතවීම් ඉදිරියට ක්‍රියාත්මක කරන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා, 2022 සැප්තැම්බර් 16 වැනි දින අප්‍රිකානු දූත මණ්ඩල ප්‍රධානීන්ගේ දෙවැනි කණ්ඩායම සමඟ අන්තර් ක්‍රියා පැවැත්වීය. විශේෂයෙන්ම වෙළඳාම සහ ආර්ථිකය යන ක්ෂේත්‍ර ආශ්‍රිතව ශ්‍රී ලංකාව අප්‍රිකානු මහද්වීපයේ ප්‍රාන්ත සමඟ සිදු කරන කටයුතු ඉහළ නැංවීම මෙම අන්තර් ක්‍රියාකාරකමේ අරමුණ විය.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මීට පෙර, එනම් අගෝස්තු 18 වැනි දින, නවදිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද හෝ නම් කරන ලද අප්‍රිකානු දූත මණ්ඩල ප්‍රධානීහු නව දෙනෙකුගෙන් යුත්  කණ්ඩායමක් සමඟ අන්තර් ක්‍රියා පැවැත්වී ය.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා නවදිල්ලි නුවර දී සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, සමගාමීව අක්ත ගන්වන ලද දූත මණ්ඩල ප්‍රධානීන් මෙලෙස හමුවන හයවැනි අවස්ථාව මෙය විය. එතුමා මීට පෙර ද යුරෝපීය, ලතින් ඇමරිකානු සහ කැරිබියන් දූත මණ්ඩල ප්‍රධානීහු සමඟ අන්තර් ක්‍රියා පවත්වා ඇත.

ආරාධිත දූත මණ්ඩල ප්‍රධානීහු සාදරයෙන් පිළිගත් මහ කොමසාරිස් මොරගොඩ මහතා, විශේෂයෙන්ම වෙළඳාම හා ආර්ථිකය යන ක්ෂේත්‍රවලට අදාළව ශ්‍රී ලංකාව රටවල් සමඟ පවත්වන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බව ප්‍රකාශ කළේ ය. ඔවුන්ගේ රාජකාරි ඉටුකිරීම සඳහා තම ධුරය ඔස්සේ ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට ද එතුමා පොරොන්දු විය.තවද එතුමා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන ප්‍රවණතා පිළිබඳව ද දූත මණ්ඩල ප්‍රධානීහු දැනුම්වත් කළේ ය.

සමගාමීව අක්ත ගන්වන ලද විදේශ දූත මණ්ඩල 94 සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය අතර ප්‍රධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කරයි.

මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 සැප්තැම්බර් 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close