මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී පන්කජ් සරන් මහතා හමුවෙයි.

මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී පන්කජ් සරන් මහතා හමුවෙයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා  2021 නොවැම්බර් 27 වන දින නවදිල්ලියේ පිහිටි ජාතික ආරක්ෂක මණ්ඩල කාර්යාලයේ දී ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී පන්කජ් සරන් මහතා හමුවිය.

ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක සරන් මහතා විසින් මහ කොමසාරිස් මොරගොඩ මහතාව ඉතා සුහදශීලී ව පිළිගනු ලැබූ අතර එතුමා සමඟ දීර්ඝ සාකච්ඡාවක ද නිරත විය. මෙහිදී ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශකවරයා සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේදී ආර්ථික සහයෝගීතාවයට සම්බන්ධ කරුණු ඇතුළු අන්‍යෝන්‍ය උපාය මාර්ගික අවශ්‍යතාවන්ට අදාළ කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු විය.

මහ කොමසාරිස් මොරගොඩ මහතා සිය ප්‍රතිපත්ති මාර්ග සිතියම වන “ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වන ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය 2021/2023” මාර්ගෝපදේශයේ පිටපතක් ද නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශකවරයා වෙත පිළිගැන්වූවේ ය.

ඉන්දීය විදේශ සේවයේ සාමාජිකයෙකු වන ශ්‍රී පන්කජ් සරන් මහතා 2018 වර්ෂයේ මැයි මස නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ධුරයට පත්වීමට පෙර රුසියාවේ ඉන්දීය තානාපතිවරයා ලෙසත් බංග්ලාදේශයේ මහ කොමසාරිස්වරයා ලෙසත් සේවය කර ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2021 නොවැම්බර් 29

Print Friendly, PDF & Email
Please follow and like us:

Close