බේද පසෙකලා රට වෙනුවෙන් කැප වෙමු

 බේද පසෙකලා රට වෙනුවෙන් කැප වෙමු

ලෝකයේ සියලු රාජ්‍යයන් සමඟ කල්‍යණ මිත්‍ර සබඳතා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ගෞරවය, ස්වාධීනත්වය, ස්වෛරිභාවය, හා භෞමික අඛණ්ඩතාව සුරකීමට සියලු බේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුව කටයුතු කීරීමට නව වසරේ අධිෂ්ඨාන කර ගැනිම අප සැමගේ වගකීම බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ලැබුවා වූ නව වසර සඳහා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ලෝකයේ අප රටට වඩා බෙහෙවින් පීඩාවට පත්ව ඇති හා අපට වඩා අඩු පහසුකම් සහිත රටවල් අපට වඩා වේගයෙන් දියුණු වන්නේ කෙසේදැයි අප කල්පනා කොට ඒ ඒ රටවල දේශපාලනික හා සමාජ, ආර්ථික වශයෙන් සිදුව ඇති වෙනස්කම් අප ආදර්ශයට ගත යුතුය. පිරිසිදු ථේරවාදී බුදුදහම ශ්‍රී ලංකාවේ  දියුණුවට ඉතා වටිනා මාර්ගෝපදේශයක් වන නමුත් ඒ පිළිබඳව අප අවධානයෙන් කටයුතු කර ඇත්දැයි ආපසු විමසා බැලිමට කාලය එළඹ තිබේ.

"බොහෝ සම්පත් ඇති ශ්‍රී ලංකාව ලෝකයේ ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් බවට පත් කිරිම සඳහා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයත් වත්මන් ආණ්ඩුවේ නොබැඳි සම මිතුරු විදේශ ප්‍රතිපත්තියත් ඉවහල් වනු ඇත. ලැබුවා වූ නව වසරේ අප සියලු දෙනා එක්ව අපේ මේ මාතෘ භූමිය අනාගත පරම්පරාවට ගැළපෙන පරිදි ස්වෛරී, ස්වාධින රාජ්‍යයක් ලෙස රැක දෙන්නට අධිෂ්ඨාන කර ගනිමු. ලැබුවා වූ නව වසර, ශ්‍රී ලංකාවාසී සැමටත්, ලෝකවාසී සියලුම ජනතාවටත් නිදුක්, නිරෝගී, සෞභාග්‍යමත්, නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි" යනුවෙන්ද එම නිවේදනයේ සඳහන්ය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

 

01 ජනවාරි 2021

Print Friendly, PDF & Email
Please follow and like us:

Close