බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැත්වෙන 4 වැනි යුරෝපා සංගම්-ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහභාගී වේ.

බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැත්වෙන 4 වැනි යුරෝපා සංගම්-ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහභාගී වේ.

2025 නොවැම්බර් 19 වැනි දින සිට 22 වැනි දා දක්වා පැවැත්වෙන 4 වැනි යුරෝපා සංගම්-ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර වෙත නිල සංචාරයක නිරත වේ.

මෙම සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අමාත්‍යවරයා, යුරෝපා සංගම්-ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයේ ඉහළ මට්ටමේ සැසිවාරවලට සහභාගී වන අතර යුරෝපීය සංගමයේ නියෝජිතයින් සහ නිලධාරීන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍රවලට අදාලව ද්විපාර්ශ්වික රැස්වීම් පවත්වනු ඇත.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

 2025 නොවැම්බර් 18 වැනි දින

Please follow and like us:

Close