බෙල්ජියමේ නමූර් පළාතේ ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වැඩමුළුව ආරම්භ කරයි

බෙල්ජියමේ නමූර් පළාතේ ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වැඩමුළුව ආරම්භ කරයි

බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ඔක්තෝම්බර් 04 වැනි දින බෙල්ජියමේ නමූර් හිදී සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්වී ය. මෙම වැඩමුළුව ඇරඹූ නමූර් පළාතේ ආණ්ඩුකාරවරයා වන ඩෙනිස් මැතේන් මැතිතුමා, එම පළාතේ ජනතාව අතර ශ්‍රී ලංකාව නිවාඩු ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් සිය අදහස් පළ කළේ ය. ප්‍රංශ භාෂාව භාවිතා කෙරෙන වොලූන් ප්‍රදේශය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳවැඩසටහනක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.

සංචාරක ක්‍රියාකරුවන් සහ නියෝජිතයන්සංචාරක මාධ්‍යවේදීන්සංචාරක මාධ්‍ය සහ රූපවාහිනී වෘත්තිකයන්සංචාරක බ්ලොග් නිර්මාණකරුවන්සමාජ මාධ්‍යකරුවන්ගුවන් සමාගම්වල නියෝජිතයන් සහ බෙල්ජියම් සංචාරක කර්මාන්තය තුළ තීරණ ගන්නන් 50 දෙනෙකු පමණ මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. මෙම ප්‍රදේශයේ දේශීය රූපවාහිනී නාලිකාව වන Walloon TV නාලිකාව මෙම වැඩසටහන සඳහා මාධ්‍ය ආවරණය ලබා දුන් අතර, එය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට තවත් මංපෙතක් විවර  කළේය.

පිළිගැනීමේ දේශනය පැවැත්වූ බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ග්‍රේස් ආසිර්වතම් මැතිනියලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස  පිළිගැනීමට පාත්‍ර වූ ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා අතිශයින්ම ආරක්ෂිතසහ සාමකාමී ගමනාන්තයක් වන බව සඳහන් කළා ය.තවද මෙරට පශ්චාද් කොවිඩ්-19 තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ තානාපති ආසිර්වතම් මැතිනියලොව පුරා සිටින සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් විවෘතව පවතින බවද දැනුම් දුන්නා ය. බෙල්ජියම් සංචාරකයන් සඳහා හොඳම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සිය රටවල් ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස ද, එතුමිය සංචාරක නියෝජිතායතනවලට පැවසුවා ය.

ඇන්ට්වර්ප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් මොනික් ඩි ඩෙකර් මහත්මියඇන්ඩෲ ද ට්‍රැවල් කම්පනි (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන් කාරියවසම් මහතා සහ ක්ලැසික් ඩෙස්ටිනේෂන්ස් හි උපදේශක රුවන් ද අල්විස් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ සංචාරක ව්‍යාපාරය සහ නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ සංචාරක ආකර්ෂණ ස්ථාන ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කිරීම් සිදු කළහ.මහජන වෙළඳපොළේ පරිපාලක මිෂෙල් ල ග්‍රොන්ද්- දෙචාර්නෝ මහත්මියශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් එතුමිය සතු හොඳම අත්දැකීම් බෙදාගත් අතර, බෙල්ජියම් සංචාරකයන් අතර ශ්‍රී ලංකාව වඩාත් ආකර්ෂණීය නිවාඩු ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළාය.

බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහා සිය ගුවන් සමාගම් සපයන ආර්ථිකමය අතින් වාසිදායක සහ ඵලදායී ගුවන් සබඳතා පිළිබඳව ප්‍රවර්ධනය කිරීම සඳහා එමිරේට්ස් සහ කටාර් යන ගුවන් සමාගම්වල නියෝජිතයෝ ද මෙම අවස්ථාව  සඳහා සහභාගී වූහ.ශ්‍රී විභූතිය සහ අසිරිය, රන්වන් වෙරළ තීර, විශ්මයජනක භූ ලක්ෂණ ආදිය ඔස්සේ සියලුම සංචාරකයන්ට අමතක නොවන සංචාරක අත්දැකීමක් පිරිනමන ස්වභාවික සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව මෙම සමුළුව මඟින් ප්‍රවර්ධනය කෙරිණි.

2010 වසරේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන බෙල්ජියම් සංචාරකයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. 2010 වසරේ දී බෙල්ජියම් සංචාරකයන් 5371 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, 2018 වසරේ දී එය 17,519 ක් ලෙස ඉහළ ගියේ ය.පශ්චාද් කොවිඩ්-19 තත්ත්වය හමුවේශ්‍රී ලංකාවට පැමිණෙන බෙල්ජියම් සංචාරකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර එය 2022 අගෝස්තු මස වන විට 4,783 ක් ලෙස සටහන් විය.බෙල්ජියම් රජය ශ්‍රී ලංකාව සඳහා වනසිය සංචාරක උපදේශනය 2022 සැප්තැම්බර් මාසයේදී ලිහිල් කිරීමත් සමඟමශ්‍රී ලංකාව බෙල්ජියම් සංචාරකයන් අතර හොඳම නිවාඩු ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක කර්මාන්තය  උනන්දුවෙන් පසුවෙයි.ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2021 වසරේ සිට බ්‍රසල්ස්ගෙන්ට් සහ ඇන්ට්වර්ප් වැනි අනෙකුත් ප්‍රධාන නගරවල මෙවැනි ආකාරයේ සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති අතර, සිය ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු යටතේ එහි වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ ස්ථිර ක්‍රියාකාරකමක් ලෙස මෙම වැඩසටහන අඛණ්ඩව සිදු කිරීමට ද තීරණය කොට ඇත.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

 

2022 ඔක්තෝබර් 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close