බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සඳහා උපදේශනය

බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සඳහා උපදේශනය

බෙලරුසයට සමගාමීව අක්ත ගන්වන ලද මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරන විදේශ අමාත්‍යාංශය, යුක්රේනයේ උද්ගතව ඇති වාතාවරණයේ වත්මන් ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටියි.

ශ්‍රී ලාංකික සිසුන් 1,561 දෙනෙකු පමණ උසස් අධ්‍යාපනය ලබන, බෙලරුසයේ පිහිටි සියලුම විශ්වවිද්‍යාල සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමීප සබඳතා පවත්වයි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ විශ්වවිද්‍යාලවල පරිපාලන අංශ, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සහ දෙමාපිය කණ්ඩායම් සමඟ පැවැත්වූ සාකච්ඡා කිහිපයක දී එකඟ වූ පරිදි, මෙරටට තාවකාලිකව පැමිණීමට අපේක්ෂා කරන සිසුන්ට මොස්කව් හරහා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පහසුකම් සැලසීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

මීට අදාළව බෙලරුසයේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එවැනි සිසුන්ට මොස්කව් හරහා ගමන් කිරීම සඳහා හදිසි පදනමක් මත සංක්‍රමණ වීසා නිකුත් කිරීමට කටයුතු සලසා ඇත.

ඒ අනුව, තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බෙලරුසයේ සිටින සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට මොස්කව් හරහා ගමන් කරන ලෙස කාරුණිකව උපදෙස් දෙන අතර, වැඩිදුර තොරතුරු සඳහා පහත සඳහන් දූරකතන අංකය හා විද්‍යුත් ලිපිනය (24x7) ඔස්සේ මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

දූරකතන: +79801445726
විද්‍යුත් ලිපිනය: slemb.moscow@mfa.gov.lk

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මාර්තු 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close