බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චාම් උත්සවයකින් අනතුරුව 2022 නව වසරේ රාජකාරි අරඹයි

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චාම් උත්සවයකින් අනතුරුව 2022 නව වසරේ රාජකාරි අරඹයි


2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරඹීම සනිටුහන් කරමින් තානාපති කාර්යාලීය කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින් මෙම උත්සව අවස්ථාවට සහභාගී විය. මෙහි දී තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2021 වසරේ දී සිය දූත මණ්ඩලය අත් කරගත් ජයග්‍රහණ (එන්නත් මාත්‍රා මිලියන 26 ක් ලබා ගැනීම, වැදගත් මූල්‍ය දීමනාවන් පිළිබඳව සාකච්ඡා කිරීම සහ සැලකිය යුතු ආයෝජන ප්‍රමාණයක් ළඟා කර ගැනීම සඳහා දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කිරීම) පිළිබඳව සිහිපත් කළේය. එමෙන් ම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරික සැමරුම සහ ඓතිහාසික රබර් - සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය සැමරීම ඇතුළත් 2022 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව ද එතුමා මෙම අවස්ථාවේ දී සඳහන් කළේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එහි වර්තමාන අභියෝග ජය ගැනීමට සහාය වෙමින් දූත මණ්ඩලයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ කාර්යයට බාධා පමුණුවන දැඩි ගති පැවතුම් ඇති කාර්ය මණ්ඩලය සහ මූල්‍ය බාධාවන් හඳුනාගෙන කණ්ඩායමක් වශයෙන් එක්ව ක්‍රියාකරන ලෙස එතුමා සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය. තවද ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා මෙම දූත මණ්ඩලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ යුතු බව එතුමා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීජිං

2022 ජනවාරි 06 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close