බටහිර ආසියාවේ සටන් විරාමය පිළිබඳ නිවේදනය ශ්‍රී ලංකාව පිළිගනී

බටහිර ආසියාවේ සටන් විරාමය පිළිබඳ නිවේදනය ශ්‍රී ලංකාව පිළිගනී

බටහිර ආසියාවේ තාවකාලික සටන් විරාමයක් පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත සංවාදය ශ්‍රී ලංකාව බෙහෙවින් අගය කරයි.

කලාපය තුළ දිනෙන් දින උත්සන්න වන ගැටුම්කාරී තත්ත්වයන් සමනය කිරීම සහ දරුණු ආකාරයේ ඛේදනීය මානුෂීය තත්ත්වයන් සමනය කිරීම සඳහා වූ සැලකිය යුතු පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ග හඳුනා ගන්නා අතරම, කලාපයේ සියලුම ජනතාවට දිගුකාලීන ස්ථාවරත්වයක් සහ ආරක්ෂාවක් සහතික කරන, වඩාත් ඵලදායී සාම ක්‍රියාවලියක් හරහා ස්ථිර හා කල් පවතින විසඳුමක් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා මෙන්, අපි සියලුම පාර්ශ්වකරුවන් දිරිමත් කරන්නෙමු.

සංවාද ස්ථාපිත කිරීමේ මෙම වැදගත් ක්‍රියාමාර්ගය වෙනුවෙන් පහසුකම් සැලසීමේදී සහාය වූ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්ට සහ අධිෂ්ඨානයට හේතු වූ සියලුම පාර්ශ්වයන්ගේ කාර්යභාරය ද ශ්‍රී ලංකාව අගය කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2026 අප්‍රේල් 11 වැනි දින

Please follow and like us:

Close