පොදුරාජ්‍ය මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සඳහා විදේශ ලේකම්වරිය එක්සත් රාජධානියේ සංචාරයක

පොදුරාජ්‍ය මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සඳහා විදේශ ලේකම්වරිය එක්සත් රාජධානියේ සංචාරයක

2024 ඔක්තෝබර් මස සැමෝවාහි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට පෙර ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩල මූලස්ථානයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2024 සැප්තැම්බර් මස 02 සිට 06 වැනි දින දක්වා එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වෙයි.

මෙම සංචාරය සඳහා විදේශ ලේකම්වරිය සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද සහභාගි වෙති. සංචාරය අතරතුරදී විදේශ ලේකම්වරිය විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල සහ සංවර්ධන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමටද නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 සැප්තැම්බර් 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close