පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් චූදිතයන්ට එරෙහි චෝදනා සහ එක්සත් ජනපද භූමිය තුළ එල්ටීටීඊ හිතවාදී සංවිධානවල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරයි

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් චූදිතයන්ට එරෙහි චෝදනා සහ එක්සත් ජනපද භූමිය තුළ එල්ටීටීඊ හිතවාදී සංවිධානවල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරයි

2019 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී එල්ල වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ දී “අයිසිස් සංවිධානය වෙත ද්‍රව්‍යමය ආධාර සැපයීම සඳහා කුමන්ත්‍රණය කිරීම” සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ලොස් ඇන්ජලීස් හි එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණය විසින් පසුගිය මාසයේ දී ගොනු කරන ලද චෝදනා පිළිබඳ පසු විපරමක් කිරීම සඳහා තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා අධිකරණ දෙපාර්තමේන්තුවේ (DoJ) නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක ඩෑන් ස්ටිගල් මහතා සහ අධිකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පෙබරවාරි 17 වැනි  දින අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීය. මෙම තිදෙනාම දැනට ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවෙති.

එක්සත් ජනපද නීතිවලට පටහැනිව, වෛරී කථාව සහ වැරදි තොරතුරු ප්‍රචාරය කරමින් සහ ත‍්‍රස්තවාදය හා ප්‍රාණ පරිත්‍යාගය උත්කර්ෂයට නංවමින් එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන එල්ටීටීඊ හිතවාදී සංවිධාන වඩාත් සමීපව නිරීක්ෂණය කරන ලෙස ද තානාපතිවරයා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
වොෂිංටන්

2021 පෙබරවාරි 22 වැනි දින

Please follow and like us:

Close