පාකිස්තානය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වන ලද වෙබිනාර් සාකච්ඡා මාලාව

පාකිස්තානය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වන ලද වෙබිනාර් සාකච්ඡා මාලාව

පාකිස්තානය තුළ ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, කරච්චි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන අධිකාරිය වෙබිනාර් සාකච්ඡා මාලාවක් සංවිධානය කරයි.

මෙම සාකච්ඡා මාලාවේ පළමු සැසිවාරය පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2022 ඔක්තෝම්බර් 5 වැනි දින පැවති අතර, පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මැතිතුමා, කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ජගත් අබේවර්ණ මහතා, ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ මහතා, පාකිස්තාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ සභාපති අස්ලම් පකාලි මහතා, ශ්‍රී ලංකාවේ නිලධාරීහු සහ දෙරටේ පෞද්ගලික අංශය නියෝජනය කළ  සහභාගිවන්නන් පිරිසක් ඊට සහභාගී වූහ. පොල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන සඳහා වන තවත් සැසි දෙකක් 2022 ඔක්තෝම්බර් 12 සහ 19 යන දිනවල පැවැත්වීමට නියමිත ය.

පොල් කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින  කර්මාන්තයක් වන අතර, පාකිස්තානය තුළ ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විශිෂ්ට වෙළඳපොළක් නිර්මාණය කිරීමේ හැකියාව එය සතු වේ.

පාකිස්තානය  ද ශ්‍රී ලංකාවෙන් පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සැලකිය යුතු ප්‍රමාණයක් ආනයනය කරයි. පොල් තෙල්, වියළි පොල්, කොප්පරා (සමස්ත ශ්‍රී ලංකා අපනයනයෙන් 90% ක්), නැවුම් පොල් (සමස්ත ශ්‍රී ලංකා අපනයනයෙන් 80% ක්), ඉදල් (සමස්ත ශ්‍රී ලංකා අපනයනයෙන් 100%ක්), මේදය ඉවත් කළ පොල් සහ පොල් කෙඳි නිෂ්පාදන යනාදිය මීට ඇතුළත් වේ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

කරච්චි

2022 ඔක්තෝබර් 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close