නෝර්වීජියානු ආයෝජන අරමුදලෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන රැසක්

නෝර්වීජියානු ආයෝජන අරමුදලෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන රැසක්

ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදි කිරීම සඳහා නෝර්වීජියානු අයෝජන අරමුදලින් මුදල් ආයෝජනය කරන බව එම අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි නෝර්ෆන් තෝර්ලිෆ්සන් මහතා ප්‍රකාශ කළේය. නොර්වීජියානු ශ්‍රී ලංකා තානාපති ගොඩ්ෆ්‍රි කුරේ මහතා සමඟ අන්තර්ජාලය හරහා සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී තානාපති කුරේ මහතා පෙන්වා දී ඇත්තේ නෝර්වීජියානු මූල්‍ය ආයතන හා ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන අතර දැනටමත් ගිවිසුම්ගත ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවය.

නෝර්ෆන්ඩ් (Norfund), ෆින්ෆන්ඩ් (Finfund), හා මුනිච්රි (MunichRe), සොෆ්ට්ලොජික් ජීවිත රක්ෂණ පුද්ගලික සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 30ක් ආයෝජනය කර තිබෙන බව තානාපතිවරයා මෙම සාකච්ඡාව පවත්වමින් හෙළි කළේය.

ආසියාවේ ජීවිත රක්ෂණ සම්බන්ධයෙන් කළ පළමු ආයෝජනය මෙය වූ බව තෝර්ලිෆ්සන් මහතා ප්‍රකාශ කර තිබේ. සොෆ්ට්ලොජික් ජීවිත රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ සමාගම් අතරින් තෙවැනි ස්ථානය හිමි කර ගනියි.

සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලික අංශය ශක්තිමත් කිරීම සඳහා සහ දිළිඳුභාවය අඩු කිරීම සඳහා නෝර්වීජියානු රජයේ ඉතාම වැදගත් මෙවලම නෝර්ෆන්ඩ් වන බව තානාපතිවරයා තවදුරටත් විස්තර කළේය. නෝර්ෆන්ඩ් වෙත පැවරී ඇති බලතල 1997 නෝර්ෆන්ඩ් පනතෙන් අර්ථ කථනය කරයි. ව්‍යාපාර කොටස් ප්‍රාග්ධනය හා වෙනත් අවධානම් ප්‍රාග්ධන ලබාදෙමින් සංවර්ධනය වන රටවල තිරසර ව්‍යාපාර හා කර්මාන්ත ගොඩනැගීමේදී සහාය ලබාදීම නෝර්ෆන්ඩ් හි කාර්යභාරය බව මෙම පනත මඟින් ප්‍රකාශ කෙරේ. තව ද, ඉහළ අවධානම් තත්ත්වයක්  හේතුවෙන් වෙනත් ආකාරයකින් සංවර්ධනය නොවන තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට මෙම නෝර්ෆන්ඩ් උපකාර කරයි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අංක 01 දිළිඳුභාවය තුරන් කිරීම සඳහා වන බව තානාපති කුරේ මහතා පැහැදිළි කළේය. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා තිරසාර වර්ධනය, සමාජ සංවර්ධනය සහ ආයතනික ගොඩනැගීම සම්බන්ධයෙන් සංවර්ධන ආධාර කර්මාන්තමය වෙත අවධානය යොමු කළ යුතු ය. නෝර්ෆන්ඩ් ආයතනය, තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමෙන් මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා දායක වෙමින් සිටියි.

පිරිසිදු බලශක්තිය, මූල්‍ය ආයතන, හරිත යටිතල පහසුකම් සහ පරිමාණ කළ හැකි ව්‍යවසාය ඇතුළත් වන ආයෝජන ක්ෂේත්‍ර හතරක ආයෝජන සඳහා නෝර්ෆන්ඩ් ප්‍රමුඛත්වය  ලබා දෙයි. සමාගම් පවතින්නේ ඒවා ලාභදායී නම් පමණක් බව තානාපතිතුමා ප්‍රකාශ කළේය. තිරසාර රැකියා උත්පාදනය සහ දිගුකාලීන සංවර්ධන ප්‍රතිඵල සඳහා ලාභදායීතාව අත්‍යාවශ්‍ය වන බව මෙයින් අදහස් වෙයි.

නෝර්ෆන්ඩ් ආයතනය, ක්‍රියාකාරී හිමිකාරිත්වය සහ ව්‍යාපාර සංවර්ධන සහාය තුළින් ලාභදායීබව හා සංවර්ධන ප්‍රතිඵල වැඩිදියුණු කරයි. ආරම්භයේ සිටම නෝර්ෆන්ඩ් හි ආයෝජන මුදල්වලින් ප්‍රකාශිත අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය (IRR) 6% ක් විය. (2019 අවසානය වන විට)

සමාගම් ලබාදෙන සෘජු හා වක්‍රාකාර රැකියා, සමාගම් ලබාදෙන භාණ්ඩ හා සේවා, එම සමාගම් ගෙවන බදු තුළින් ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා දායකත්වයක් ලබාදෙයි නම් එම සමාගම්වල මෙම නෝර්ෆන්ඩ් ආයතනය ආයෝජනය කරයි.

1997 නෝර්ෆන්ඩ් නීතිය තුළින් නෝර්වේජියානු පාර්ලිමේන්තුව විසින් මෙම නෝර්ෆන්ඩ් ආයතනය ස්ථාපනය කොට තිබේ. නෝර්වේජියානු ජාත්‍යන්තර සංවර්ධන සහාය අයවැයෙන් මෙම නෝර්ෆන්ඩ් සඳහා පූර්ණ වශයෙන් අරමුදල් සැපයේ. නෝර්ෆන්ඩ් හි වාර්ෂික ප්‍රාග්ධන වෙන්කිරීම් පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබේ.

නෝර්ෆන්ඩ් හි ආයෝජන කමිටුව (IC) ගුණාත්මක තත්ත්ව සහතිකය සහ වඩාත් හොඳ තීරණ ගැනීම යන දෙක සඳහාම වැදගත් ආයතනයක් වෙයි. මෙම ආයෝජන කමිටුවේ ප්‍රධානියා ප්‍රධාන විධායක නිලධාරියා වන අතර, සාමාජිකයන් අටදෙනෙකුගෙන් සමන්විත වෙයි. ඔවුන්ගෙන් දෙදෙනෙක් බාහිර පුද්ගලයන් ය. ඇමරිකානු ඩොලර් මිලියන 4 දක්වා වූ ආයෝජන සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකරණ කණ්ඩායමට තීරණ ගත හැකි අතර, ඇමරිකානු ඩොලර් මිලියන 4 - ඇමරිකානු ඩොලර් මිලියන 15 දක්වා වූ ආයෝජන හා වාණිජමය බැහැර කිරීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමට මෙම ආයෝජන කමිටුව වෙත බලය පැවරේ. ඇමරිකානු ඩොලර් මිලියන 15ට වැඩි ආයෝජන යෝජනා සමාලෝචනය කිරීම ද මෙම ආයෝජන කමිටුව මඟින් සිදුකළ යුතු අතර අවසාන අනුමැතිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කළ යුතු වේ.

මූල්‍යමය වශයෙන් ශක්තිමත්, සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසාර ව්‍යාපාර ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන බව ප්‍රධාන විධායක නිලධාරි තෝර්ලිෆ්සන්  මහතා ප්‍රකාශ කළේය. ඔවුන්ගේ ව්‍යාපාර කොටස්  තුලනයේ නෝර්වීජියානු ක්‍රෝන බිලියන 30ක් තිබෙන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. එයින් 50%ක ආයෝජන අප්‍රිකානු කලාපය සඳහා ද ඉතිරිය ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ද වෙයි. පෙරදී නෝර්ෆන්ඩ් ආයතනය ප්‍රධාන වශයෙන් බංග්ලාදේශය, මියන්මාරය, කාම්බෝජියාව, ලාඕසය, වියට්නාමය යන රටවල ආයෝජන කෙරෙහි ද ඉන්දියාවේ වක්‍රාකාර ආයෝජන කෙරෙහි ද අවධානය යොමුකොට තිබේ. පසුගිය වසරේ නෝර්ෆන්ඩ් හි අවධානය යොමු වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව සලකනු ලැබේ.

I අදියරේදී නෝර්ෆන්ඩ් ආයතනය ප්‍රධාන වශයෙන් මූල්‍ය ආයතන ඉලක්ක කරගන්නා බවත්, II අදියරේදී  බලශක්ති අංශයේ ව්‍යාපෘතිය සඳහා අවධානය යොමු කරන බවත් තෝර්ලිෆ්සන්  මහතා අවධාරණය කළේය. මෙ ආයතනය මේ දිනවල ශ්‍රී ලංකාවේ විශාල නව ආයෝජන තුනක් සොයමින් සිටින බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණයේ ජල විදුලි ව්‍යාපෘතිවල ආයෝජන සිදු කිරීමට ඉලක්ක කර ඇති බව ද ඔහු හෙළිදරව් කළේ ය.

කොවිඩ්-19 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය හා ආර්ථිකයට එමඟින් එල්ලවන බලපෑම පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරියා තානාපතිතුමාගෙන් විමසා සිටියේය. ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ගනු ලැබූ පියවර හේතුකොට ගෙන ඔක්තෝබරයේ පළමු සතිය වනතෙක් ශ්‍රී ලංකාව කොවිඩ්-19 සාර්ථකව පාලනය කර තිබෙන බව තානාපති කුරේ මහතා පැහැදිලි කළේ ය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කුඩා පොකුරු කිහිපයක් ඇතිවීමත් සමඟම කුඩා හිස එසවීමක් නිරීක්ෂණය වී තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීමට රජය වහ වහා පියවර ගෙන තිබේ. ඉන්දියාව හා සසඳන කල, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 පාලනය කිරීමට රජයට හැකි වී තිබීම පිළිබඳව තෝර්ලිෆ්සන්  මහතා සිය ප්‍රශංසාව පුද කළේය.

කොවිඩ් මෙන් ම 2019 වසරේ පාස්කු ඉරු දින සිදු කරනු ලැබූ මිනිස් ඝාතන මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයේ බරපතල කඩා වැටීමක් සිදු වූ බව ද මිලියන 2.5 ක් වූ සංචාරක පැමිණිම නැවතුණු බව ද කුරේ මහතා විසින් හෙළිකර තිබේ. ඉන්දියානු සාගරයේ මැද පැවතීමේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් බොහෝ පාර්ශ්වවල ආකර්ෂණය ශ්‍රී ලංකා‍ව වෙත යොමු වී තිබේ. අපගේ විදේශ ප්‍රතිපත්තිය අනුව, ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබෙන බවත්, අප රටේ යහපත උදෙසා ආර්ථික සබඳතා හා අභ්‍යන්තරික/ බහුපාර්ශ්වික සබඳතා සමඟ ඉදිරියට යාමට අවශ්‍ය බව අවබෝධ කර ගෙන තිබෙන බවත් තානාපතිවරයා අවධාරණය කළේ ය.

තානාපතිවරයා වෙත සිය කෘතඥතාව පළකළ නෝර්ෆන්ඩ් හි ප්‍රධාන විධායක නිලධාරියා, ශ්‍රී ලංකාවේ සාපේක්ෂ වශයෙන් වැඩි ආයෝජන ප්‍රමාණයක් සිදු කිරීම තුළින් තම සංවර්ධන සහාය අඛණ්ඩව ලබාදෙන බව දන්වා සිටියේය. අවසාන වශයෙන්, නෝර්ෆන්ඩ් වෙතින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආයෝජන පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නියැලෙන මීළඟ සංචාරයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ඉහළ මට්ටමේ සම්භාවනීය පුද්ගලයන් හමුවීම සඳහා සහාය ලබාදෙන ලෙසට තෝර්ලිෆ්සන් මහතා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ඔස්ලෝ

2020 ඔක්තෝම්බර් 23 දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close