නේපාලය හා ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර සහයෝගීතාවට පියවර ගැනේ

නේපාලය හා ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර සහයෝගීතාවට පියවර ගැනේ

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර වෙළඳ හා ව්‍යාපාරික සහයෝගීතාව වර්ධනය කිරීම සදහා පියවර ගෙන තිබේ. මේ පිළිබද වෙබ්නාර් සාකච්ඡාවක් ඉකුත් 31 දා පැවැත්විණි. නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ලංකා වානිජ්‍ය මණ්ඩලය එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි. ව්‍යාපාරික විශ්වාසය ඉහළ නැංවීම සහ පුද්ගලික අංශයේ සහයෝගීතාව සඳහා පවතින අවස්ථා හඳුනා ගැනීම මෙම වෙබිනාර් සාකච්ඡාවේ අරමුණ වී තිබිණ. මෙම වෙබ්නාර් සාකච්ඡාවේ දී අදහස් දැක්වූ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ⁣හිමාලි අරුණතිලක මහත්මිය සඳහන් කළේ නේපාලයේ සිට ශ්‍රී ලංකාවට අපනයන කළ හැකි වෙළඳ භාණ්ඩ පිළිබඳ ඉතා අඩු අවධානයක් පවතින බවය. දෙරටේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකි බව ද මෙහිදී සාකච්ඡා කෙරෙණි.

පංචකන්යා සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ සහ නේපාල වාණිජ හා කර්මාන්ත සම්මේලනයේ (FNCCI) හිටපු සභාපති ප්‍රදීප් කුමාර් ශ්‍රෙෂ්තා මහතා සහ සමුන්ද්‍ර සමූහයේ සභාපති සහ නේපාල ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ලේකම් රාම් රාජා ආචාර්යා මහතා නේපාලයේ සම්පත්දායකයින් ලෙස සහභාගී වූහ. ඔවුහු නේපාල ආර්ථිකය, ආයෝජන වාතාවරණය සහ අවස්ථාවන් මෙන්ම සංවර්ධනය කළ හැකි වෙළඳ භාණ්ඩ පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දුන්හ. ශ්‍රී ලංකාවේ සිට, අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්මික නිෂ්පාදන පිළිබඳ වැඩබලන අධ්‍යක්ෂ හර්ෂ පත්බේරිය මහතා විසින් ශ්‍රී ලංකාව විසින් ප්‍රවර්ධනය කරන ලද අපනයන නිෂ්පාදන පිළිබඳව සහ නිෂ්පාදන හා අපනයන සේවා සඳහා දිවයිනේ පවතින උපායමාර්ගික වාසි පිළිබඳව ඉදිරිපත් කිරීමක් කරන ලදී.

ජල විදුලිය, කෘෂිකර්මය හා කෘෂි නිෂ්පාදන, සංචාරක කටයුතු, ඉදිකිරීම්, පතල් හා ඛනිජ ද්‍රව්‍ය, මූල්‍ය සේවා, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාවය සඳහා අවස්ථා පවතින බව මෙහිදී අවධාරණය කරන ලදී. ද්විපාර්ශ්වික වෙළඳාම සඳහා වන ප්‍රවාහන අභියෝග සහ සෘජු ගුවන් සම්බන්ධතාවයක් තිබීමේ යෝග්‍යතාවය හඳුනා ගන්නා අතරම, නිෂ්පාදන රාශියක වෙළඳාම සම්බන්ධ අපේක්ෂාවන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ 50 කට අධික පිරිසක් මෙම වෙබිනාර් සාකච්ඡාවට සහභාගී වූ අතර, ඔවුන්ගේ විමසීම් ඉදිරිපත් කරමින් සාකච්ඡාවේ දී ක්‍රියාකාරීව නිරත වූහ. පසු විපරමක් ලෙස අන්තර් ව්‍යාපාර රැස්වීම් සඳහා පහසුකම් සැලසීම පිණිස තානාපති කාර්යාලය ලංකා වාණිජ මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කරනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නේපාලයේ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ක්‍රියාකාරී සහයෝගය ඇතිව ලංකා වාණිජ මණ්ඩලයේ මූලිකත්වයෙන් මෙම වෙබිනාර් සාකච්ඡාව සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
කත්මණ්ඩු

2021 අප්‍රේල් 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close