නික්ම යසෞදි අරාබි තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවෙයි

නික්ම යසෞදි අරාබි තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවෙයි

සෞදි අරාබි රාජධානියේ තානාපති අබ්දුල්නසර් බින් හුසෙයින් අල්- හාර්ති මැතිතුමා 2022 මාර්තු 25 වැනි දින කොළඹවිදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගෙන් සමුගත්තේ ය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සෞදි අරමුදල් ප්‍රදානය කිරීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී දක්වන ලද සහයෝගය ඇතුළුව, දෙරට අතර පවත්නා සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් නික්ම යන තානාපතිවරයා දැරූ විශිෂ්ට උත්සාහය, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමාගේ පැසසුමට ලක්විය.

තමන් ශ්‍රී ලංකාවේ සේවය කළ කාලවකවානුව තුළ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් තානාපති අල්- හාර්ති මැතිතුමා විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පුද කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අප්‍රේල් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close