නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මහ කොමසාරිස්වරුන්ගේ ඡායාරූප සහිත ගැලරියක්  විවෘත කරයි 

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මහ කොමසාරිස්වරුන්ගේ ඡායාරූප සහිත ගැලරියක්  විවෘත කරයි 

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියාවේ සේවය කළ  සියලුම ශ්‍රී ලාංකික මහ කොමසාරිස්වරුන් සඳහා වෙන් කළ ‘මහ කොමසාරිස්වරුන්ගේ ගැලරියක්’ අද (15) දින සිය චාන්සරි ගොඩනැගිල්ලේ දී විවෘත කළේ ය.

1942 වර්ෂයේ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමා සේවය කළ අවධියේ පටන්, ඉන්දියාවේ සේවය කළ සියලුම ශ්‍රී ලාංකික නියෝජිතයන්ගේ සහ මහ කොමසාරිස්වරුන්ගේ ඡායාරූප මෙම ගැලරියට ඇතුළත් වේ. චාන්සරි ගොඩනැගිල්ල තුළ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් කොරිඩෝවක් මෙම ගැලරිය ඉදිකිරීමට යොදාගන්නා ලදී.

මහ කොමසාරිස් කාර්යාලයේ දේශීය කාර්ය මණ්ඩලය තුළ දීර්ඝතම කාලයක් සේවය කළ සාමාජිකයන් තිදෙනෙකු වන දීපක් නතානි, රේණු ශර්මා සහ ප්‍රදීප් දාස් යන මහත්වරු, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවති චාම් උත්සවයක් අතරතුර මෙම ගැලරිය විවෘත කළහ.

මෙම පරිශ්‍රය පිළිගැනීමේ ස්ථානයක් සහ රැස්වීම් කුටියක් ලෙස භාවිතා කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 සැප්තැම්බර් 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close