දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට ඔක්සිජන් සිලින්ඩර 100 ක් පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සපයයි

දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට ඔක්සිජන් සිලින්ඩර 100 ක් පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සපයයි

කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන තවදුරටත් ශක්තිමත් කරමින්, දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලීටර් 50 බැගින් ධාරිතාවයෙන් යුත් වෛද්‍ය ඔක්සිජන් සිලින්ඩර 100 ක තෙවැනි තොගය ශ්‍රී ලංකා රජය වෙත ගුවනින් එවීම සඳහා පහසුකම් සැපයීය.

මෙම පරිත්‍යාගය කටාර් ප්‍රාන්තයේ ශ්‍රී ලංකා තානාපති එම්. මාෆාස් මොහදීන් මැතිතුමාගේ හදිසි ඉල්ලීම පරිදි පරිත්‍යාගශීලීන් විසින් සිදු කරන ලදි. ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මෙම භාණ්ඩ තොගය ගාස්තු රහිතව ගුවනින් ප්‍රවාහනය කළේය. ඔක්සිජන් සිලින්ඩර තොගය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට භාර දෙන ලද අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඒවා රජයේ රෝහල් අතර බෙදා හැරීමට අපේක්ෂා කෙරේ.

කොවිඩ්-19 ව්‍යාප්තිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සිය පූර්ණ සහයෝගය ලබා දෙමින්, මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවදුරටත් අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

දෝහා

2021 ජුනි මස 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close