දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඔක්සිජන් සිලින්ඩර 150 ක් සහ ස්පන්දන ඔක්සිමීටර් පළමු තොගය ශ්‍රී ලංකාවට එවීම සඳහා පහසුකම් සපයයි

දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඔක්සිජන් සිලින්ඩර 150 ක් සහ ස්පන්දන ඔක්සිමීටර් පළමු තොගය ශ්‍රී ලංකාවට එවීම සඳහා පහසුකම් සපයයි

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනට සහාය වෙමින්, දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඔක්සිජන් සිලින්ඩර 150 ක් සහ ස්පන්දන ඔක්සිමීටර 22 ක් සහිත පළමු තොගය ශ්‍රී ලංකා රජය වෙත ගුවන් මඟින් එවීමට පහසුකම් සපයන ලදි.

රටේ වර්තමාන කොවිඩ්-19 රැල්ල මධ්‍යයේ ආසාදන හා මරණ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාම සහ වඩාත් අසාධ්‍ය රෝගීන් සඳහා පවතින වෛද්‍ය උපකරණ හිඟය පිළිබඳව ශ්‍රී ලංකාවේ තානාපති එම්. මෆාස් මොහිදීන් මැතිතුමා විසින් කරන ලද හදිසි ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස, මෙම පරිත්‍යාගය විදේශික ශ්‍රී ලාංකික ප්‍රජාව, හිතවතුන් සහ දෝහා හි ලුලු ජාත්‍යන්තර සමූහය විසින් ලබා දී ඇත.

මෙම ඔක්සිජන් සිලින්ඩර 150 ක තොගය ශ්‍රී ලංකාවට යැවීම සඳහා තානාපති කාර්යාලය පහසුකම් සැලසීය. තානාපති කාර්යාලයේ ඉල්ලීම පරිදි මෙම භාණ්ඩ තොගය ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නොමිලේ ප්‍රවාහනය කරන ලදි. මෙම වැඩපිළිවෙල සඳහා පෙරමුණ ගත් පරිත්‍යාගශීලීන්ට තානාපති කාර්යාලය සිය අවංක කෘතඥතාව පළ කරයි.

මෙම උදාර අරමුණ සඳහා ලබා දුන් විශිෂ්ට සහයෝගය වෙනුවෙන්, තානාපති කාර්යාලය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාට සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ රටේ කළමනාකරු තුසිත වික්‍රමසිංහ මහතාට සිය ස්තූතිය පුද කරයි.

මෙම ඔක්සිජන් සිලින්ඩර සහ ස්පන්දන ඔක්සිමීටර තොගය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට භාර දී ඇති අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා රජයේ රෝහල් අතර බෙදා හැරීමට අපේක්ෂා කෙරේ.

මෙම තීරණාත්මක කාලය තුළ දී තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට වෛද්‍ය උපකරණ සැපයීම සඳහා අඛණ්ඩව පහසුකම් සපයයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

දෝහා

2021 ජුනි මස 10 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close