දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ මෘත දේහයේ අවශේෂ හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට ගෙන එයි

දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ මෘත දේහයේ අවශේෂ හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට ගෙන එයි

2021 දෙසැම්බර් 03 වැනි දින පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ 2021 දෙසැම්බර් 06 වැනි දින රාජ්‍ය වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් මෙරටට ගෙන්වනු ලැබේ.

මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් එම මෘත දේහයේ අවශේෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිතය. විදේශ අමාත්‍යංශය විසින් මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරනු ලැබේ.

ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙතින් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇත.

විපතට පත්වූ පාර්ශ්වයට වන්දි ගෙවීම සඳහා, ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණයෙන්, පාකිස්තාන බලධාරීන් සහ මියගිය පුද්ගලයාගේ සේවායෝජකයා සමඟ මේ වන විට සාකච්ඡාවල නිරතව සිටියි.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 දෙසැම්බර් 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close