‘දකුණු ඉන්දියානු පවර්ලූම් සම්මේලනයේ’ නියෝජිත පිරිස ශ්‍රී ලංකාව තුළ සිදු කළ සිය ව්‍යාපාරික සංචාරය සාර්ථකව නිම කරයි

‘දකුණු ඉන්දියානු පවර්ලූම් සම්මේලනයේ’ නියෝජිත පිරිස ශ්‍රී ලංකාව තුළ සිදු කළ සිය ව්‍යාපාරික සංචාරය සාර්ථකව නිම කරයි

චෙන්නායි හි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමාගේ ආරාධනාවකට අනුව  ඉන්දියාවේ දකුණු දිග පිහිටි ප්‍රාන්ත කේන්ද්‍ර කොටගත් පේෂ කර්මාන්ත සංගම්වල එකමුතුවක් වන ‘දකුණු ඉන්දියානු පවර්ලූම් සම්මේලනයේ’ නියෝජිත පිරිසක් එහි සභාපති එම්. එස්. මදිවනන් මහතා සමඟ 2021 නොවැම්බර් 22 වැනි දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

අතීතයේ පටන් ඉන්දියාවේ පවර්ලූම් කර්මාන්තය සඳහා දකුණු ඉන්දියාව සුවිසල් දායකත්වයක් සපයන බැවින්  මෙම සංචාරයේ අරමුණ වූයේ දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම රෙදිපිළි කර්මාන්තය සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම’ සඳහා ඇති අවස්ථා ගවේෂණය කිරීමයි.

ආචාර්ය වෙන්කටේෂ්වරන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස මෙම සංචාරය අතරතුර දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා, බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මැතිතුමා, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා යනාදීහු හමුවී ශ්‍රී ලංකාව තුළ පවර්ලූම් කර්මාන්තය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වන නව ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කළහ.

තවද නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ජාතික වාණිජ මණ්ඩලය සහ කොළඹ ව්‍යාපාරික සංගමය හමු වූ මෙම දූත පිරිස ශ්‍රී ලංකාව තුළ පවත්නා වෙළඳ හා ආයෝජන අවස්ථා මෙන්ම විශේෂයෙන්ම රෙදිපිළි හා ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිත ශක්‍යතා සහිත ආයෝජන අවස්ථා කිහිපයක් සඳහා මුල් වී ඇති එරාවූර් රෙදිපිළි කර්මාන්ත උද්‍යානයේ පවතින වෙළඳ හා ආයෝජන අවස්ථා පිළිබඳව ද සාකච්ඡා පැවැත්වූහ.

ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2021 දෙසැම්බර් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close