දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා දූත කාර්යාලය නැමීබියාව සමඟ පවත්නා සබඳතා ශක්තිමත් කිරීමට සැරසෙයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා දූත කාර්යාලය නැමීබියාව සමඟ පවත්නා සබඳතා ශක්තිමත් කිරීමට සැරසෙයි


ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මැතිතුමා පසුගියදා දකුණු අප්‍රිකාවේ නැමීබියානු මහ කොමසාරිස් වෙයිකෝ කේ. න්ගිවෙටේ මැතිතුමා හමු විය. නැමීබියාව යනු ප්‍රිටෝරියා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යටතේ අක්ත ගන්වා ඇති රටවල් නවයෙන් එකකි. මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා සාකච්ඡාව ආරම්භයේදීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සංසදවලදී ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් නැමීබියානු රජයට සහ එහි ජනතාවට සිය ස්තුතිය පුද කළේ ය. තවද, අනාගතයේ දී මහජනතාව අතර ගැටුම් වළක්වා ගැනීමට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා, සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පසුගිය වසර දොළහ තුළ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බව මහ කොමසාරිස්වරයා පැහැදිලි කළේ ය. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ පවත්වන ලද ජාතික හා පළාත් සභා මැතිවරණ සංඛ්‍යාව හරහා සිදු වී ඇති ප්‍රගතිය මහජනතාව මැනවින් අනුමත කොට ඇත.

තවද, ධීවර කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර  සම්බන්ධයෙන් පවතින ව්‍යාපාරික අවස්ථා පිළිබඳව ද මහ කොමසාරිස්වරු දෙදෙනා සාකච්ඡා කළහ. සාගර සම්පත් තිරසාර ලෙස භාවිතයට ගැනීම ප්‍රවර්ධනය කිරීම සහ දකුණු-දකුණු සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය, විශේෂයෙන්ම බෝට්ටු සහ ධීවර ආම්පන්න නිෂ්පාදන කර්මාන්තවල නියැලී සිටින සමාගම් නැමීබියාවේ වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන ආන්තික ජනතාව උදෙසා නවීන බෝට්ටු සහ ධීවර තාක්‍ෂණය ව්‍යාප්ත කිරීමට සූදානම් වේ. තිරසාර ධීවර ශිල්පීය ක්‍රම, ප්‍රජා සංවර්ධනය, දිළිඳු ජනතාවගේ ආදායම් උත්පාදනය සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය නංවාලීම යනාදිය යෝජිත ව්‍යාපෘතියට අදාළව සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු වේ. තවද, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයක් සිය නිෂ්පාදන නැමීබියානු කොටස් වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත කිරීමට කැමැත්ත පළ කර ඇත.

මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා, පොල් රා වලින් සාදන ලද අරක්කු පොල් ගස්වල මල්වලින් සාදන ලද විශේෂ මත්පැන් වර්ගයක් ලෙස නැමීබියානු මහ කොමසාරිස්වරයාට හඳුන්වා දුන්නේ ය. මද්‍යසාර සම්බන්ධයෙන් ලිහිල් කරන ලද නීති අනුගමනය කරන දකුණු අප්‍රිකානු කලාපය තුළ මෙය වඩාත් ආකර්ෂණීය වනු ඇත. මෙමගින් අඩු සහ මධ්‍යම ආදායම්ලාභී ජනතාව සඳහා දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ මත්පැන් ලබා දිය හැකි ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2021 නොවැම්බර් 16

Print Friendly, PDF & Email
Please follow and like us:

Close