තිරුවානන්තපුරම් හි ශ්‍රී ලංකා අභිනව කොන්සල්වරයා පත්වීම් ලිපිය භාරගනී  

  තිරුවානන්තපුරම් හි ශ්‍රී ලංකා අභිනව කොන්සල්වරයා පත්වීම් ලිපිය භාරගනී  

    

කේරළ ප්‍රාන්තයේ තිරුවානන්තපුරම් හි ශ්‍රී ලංකා අභිනව කොන්සල්වරයා ලෙස පත් වූ බිජුමොන් කර්නන් මහතා 2021 නොවැම්බර් 03 දින  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා අතින් නවදිල්ලි නුවර දී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ අත්සනින් යුත් නව පත්වීම් ලිපිය අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී මහ කොමසාරිස්වරයා විසින් අභිනව කොන්සල් කර්නන් මහතා වෙත භාර දෙන ලදී.

කීර්තිමත් ලේඛකයෙකු මෙන් ම තිරුවානන්තපුරම් ප්‍රාදේශීය මන්ත්‍රණ සභාවේ සාමාජික ආචාර්ය ශෂී තරූර් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2021 ඔක්තෝම්බර් 13 වන දින තිරුවානන්තපුරම් හි ශ්‍රී ලංකා ගරු කොන්සල්වරයාගේ පත්වීම තහවුරු කරමින් ඉන්දීය රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ලැබී ය. හිටපු ගරු කොන්සල්වරයාගේ අභාවයත් සමඟ 2018 ඔක්තෝම්බර් මාසයේ සිට තිරුවානන්තපුරම් හි ශ්‍රී ලංකා ගරු කොන්සල් තනතුර පුරප්පාඩු වී තිබිණි.

කේරළ ප්‍රාන්තයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ගරු කොන්සල් බිජුමොන් කර්නන් මහතා ENPC පැරිස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු වන අතර කර්ණාටක ප්‍රාන්ත විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් හදාරා ඇත.

 

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2021 නොවැම්බර් 08

Print Friendly, PDF & Email
Please follow and like us:

Close