තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය 2022 නව වසර ආරම්භයේ ආශිර්වාද ලබයි

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය 2022 නව වසර ආරම්භයේ ආශිර්වාද ලබයි

2022 රාජකාරී ආරම්භ කිරීමට ප්‍රථම නව වසර සඳහා ආශිර්වාද පතමින් තායිලන්ත රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි. කොලොන්නේ මැතිණිය සහ එතුමියගේ ස්වාමි පුරුෂයා වන ස්ටෙෆාන් සේනානායක මහතා විසින් 2022 ජනවාරි මස 02වන දින 14 කලාපයේ පූජ්‍ය පක්ෂයේ කලාපීය ප්‍රධානී අතිපූජ්‍ය ප්‍රා තෙප්සසනාෆිබන් ස්වාමීන් වහන්සේ 15 කලාපයේ පූජ්‍ය පක්ෂයේ කලාපීය ප්‍රධානී සහ වට් රායි විහාරස්ථානයේ අධිපති මහාචාර්ය පූජ්‍ය ප්‍රාතෙප්පාවොරාමිතේ හිමි, තායිලන්තයේ මහාචූලාලොන්කෝර්න්රාජවිද්‍යාල විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු පිළිබඳ උප ප්‍රධානී, වට් ප්‍රයුරවොන්සාවාස් වරවිහාර්න් පුරාණ විහාරස්ථ සංකීර්ණයේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සභාපති මෙන් ම මහාචූලලොංකොර්න්‍රචුතිට් විහාරස්ථානයේ වැඩබලන විහාරාධිපති, බෞද්ධ කටයුතු ප්‍රතිසංස්කරණ සඳහා උපායමාර්ග පිළිබඳ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහකාර මහාචාර්ය පූජ්‍ය ප්‍රමහා හංස ධම්මහසෝ  හිමි, මහාචූලලොංකොර්න්රාජවිද්‍යාල විශ්වවිද්‍යාල ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන විද්‍යාලයේ (IBSC) අධ්‍යක්ෂ ප්‍රක්රු ප්‍රාද් පොංග්ෆන් ඛන්තීසෝෆානෝ හිමි,වට් රයි කිං විහාරාධිපති ස්වාමීන්ද්‍රයන්ගේ සහකාර මහාචාර්ය පූජ්‍ය වල්මෝරුවේ පියරතන හිමි, මහාචූලලොංකොර්න්රාජවිද්‍යාල විශ්වවිද්‍යාලයේ බෞද්ධ පීඨයේ ශාස්ත්‍රවේදී ජාත්‍යන්තර උපාධි වැඩසටහනේ අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය විල්ගමුවේ අරියරත්න හිමි සහ  මහාචූලලොංකොර්න්රාජවිද්‍යාල විශ්වවිද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය බෙලිඅත්තේ මෙට්ටෙයා හිමි ඇතුළු සංඝයා වහන්සේලා පිරිස වෙනුවෙන් දානමය පිංකමක් නිල නිවාස පරිශ්‍රයේ දී සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකාවේ හිටපු තායිලන්ත තානාපති පොල්ඩේජ් වොරචාට් මැතිතුමා සහ එම මැතිණිය ද මෙම දානමය පිංකම සඳහා සහභාගි වූහ.

ඊට පසුදින එනම් 2022 ජනවාරි 03වන දින තානාපතිනිය දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ එක් ව චාන්සරි පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් රාජකාරි කටයුතු ඇරඹීය. ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනය, රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම, රාජ්‍ය සේවකයින්ගේ දිවුරුම් දීම සහ තානාපතිවරයාගේ අදහස් දැක්වීම මෙම උත්සව අවස්ථාවට ඇතුළත් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 ජනවාරි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close