තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී සී.ඒ. චාමින්දා අයි. කොලොන්නෙ මහත්මියගේ රාජකීය හමුව සහ තායිලන්ත රාජ්‍යයේ මහා වජිරලොංකොන් ප්‍රා වජිරක්ලාඕචාඕයුවා රජු වෙත අක්තපත්‍ර පිළිගැන්වීම

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී සී.ඒ. චාමින්දා අයි. කොලොන්නෙ මහත්මියගේ රාජකීය හමුව සහ තායිලන්ත රාජ්‍යයේ මහා වජිරලොංකොන් ප්‍රා වජිරක්ලාඕචාඕයුවා රජු වෙත අක්තපත්‍ර පිළිගැන්වීම

තායිලන්ත රාජ්‍යයේ මහා වජිරලොංකොන් ප්‍රා වජිරක්ලාඕචාඕයුවා රජු විසින් තායිලන්ත රාජ්‍යයේ අතිවි‍ශේෂ පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපතිවරිය වන සී. ඒ. චාමින්දා අයි. කොලොන්නෙ මහත්මිය හට සිය අක්තපත්‍ර ලිපිය ප්‍රදානය කිරීම සඳහා UNESCAP හි නිත්‍ය නියෝජිතවරයා සමඟ 2021 නොවැම්බර් 04 වන දින බැංකොක්හි අම්බරා විලා, දුසිත් මාලිගයේ දී රාජකීය හමුවක් සඳහා සිය  අවසරය ලබාදෙනු ලැබීය.

මහා වජිරලොංකොන් ප්‍රා වජිරක්ලාඕචාඕයුවා රජු විසින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අවංක ශුභාශිංසන පළ කරනු ලැබූ අතර  ශ්‍රී ලංකාව සමඟ පවතින ශක්තිමත් දිගුකාලීන සබඳතා සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ නම්කළ තානාපතිනී චාමින්දා කොලොන්නේ මහත්මිය වෙත සුබ පැතුම් පළ කරමින්ම හා වජිරලොංකොන් ප්‍රා වජිරක්ලාඕචාඕයුවා රජු තානාපතිවරියගේ නිල රාජකාරි සහ දූත මෙහෙය ඉටු කිරීම සඳහා තම රාජ්‍යයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික විය.

තානාපති චාමින්දා කොලොන්නේ මහත්මිය, ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මහා වජිරලොන්කෝන් ෆ්‍රා වජිරක්ලාඕචාඕයුවා රජු හට උණුසුම් සුබපැතුම් පළ කළ බව ප්‍රකාශ කළ අතර රාජ්‍යය සමඟ දිගුකාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ විශිෂ්ඨ බැඳීම් දියුණු කිරීමට සහ තහවුරු කිරීමට සිය පූර්ණ සහයෝගය සහ අනුග්‍රහය සහතික කළේය. එහි දී තානාපති කොලොන්නෙ මහත්මිය විසින් රජතුමන් හට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනාවක් ද කරනු ලැබුවාය.

එදින ම වියට්නාමය, ස්ලෝවැකියාව, කෙන්යාව, තුර්කිය සහ නයිජීරියාව යන රටවල තානාපතිවරු ද සිය අක්තපත්‍ර ලිපි භාර දුන්හ. එසේ ම තානාපතිනී කොලොන්නෙ මහත්මිය කාම්බෝජ රාජධානියට සහ ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට (ලාඕසය) සමගාමී ව අක්ත ගැන්වීම් සිදු කර ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2021 නොවැම්බර් 08

Print Friendly, PDF & Email
Please follow and like us:

Close