තායිලන්තයේ බැංකොක් නුවර පැවති 55 වැනි රාජ්‍යතාන්ත්‍රික රතු කුරුස සල්පිලේ දී ශ්‍රී ලංකාවේ අද්විතීය සම්ප්‍රදායික නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් හිමි වේ

තායිලන්තයේ බැංකොක් නුවර පැවති 55 වැනි රාජ්‍යතාන්ත්‍රික රතු කුරුස සල්පිලේ දී ශ්‍රී ලංකාවේ අද්විතීය සම්ප්‍රදායික නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් හිමි වේ

තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපනයන සංවර්ධන මණ්ඩලය, කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික ශිල්ප සභාව සමඟ එක්ව,ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම හා ඔවුන්ව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, 55 වැනි රාජ්‍යතාන්ත්‍රික රතු කුරුස සල්පිලේ දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ප්‍රථම වර‍ට අලෙවි කිරීමට කටයුතු සම්පාදනය කළේය.

dpcredcrossbazaar.com  වෙබ් අඩවිය හරහා දෙමුහුන් ආකාරයක් යටතේ, පුණ්‍ය කටයුතු මත පදනම් වූ ව්‍යාපාරික අත්දැකීමක් ලබා දුන් මෙම වැඩසටහන, තායි රතු කුරුස සමාජය විසින් තායිලන්තයේ දූත මණ්ඩල ප්‍රධානීන්ගේ කලත්‍රයාන්ගේ සංවිධානය විසින් සංවිධානය කරන ලදි. තායිලන්ත රාජධානියේ රාජකීය උත්තම මහා චක්‍රි සිරින්දෝන් කුමරිය විසින් 2022 මාර්තු 03 වැනි දින, බැංකොක් නුවර සියම් පැරගන් හි පිහිටි රාජකීය පැරගන් ශාලාවේදී මෙම සල්පිල උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.

රන්ක්‍රිස්ප් මාර්කටින් (පුද්.) සමාගම, ඩී. එන්. ඉන්ටීරියර් ඩිසයින්ස් (පුද්.) සමාගම, ඔස්මී ප්‍රඩක්ට්ස් (පුද්.) සමාගම යටතේ ග්‍රීන්ස් ෆ්ලවර් ඩිසයින් (පුද්.) සමාගම, සුරවි හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම, ඇරෝමැටික් ග්ලෝබල් (පුද්.) සමාගම, බෙන්සර්ලින්ක් ස්පයිස් එක්ස්පෝර්ට් (පුද්.) සමාගම, නෝවාස් ප්‍රඩක්ට්ස් (පුද්.) සමාගම, ඩී. පී. ග්ලෝබල් වෙන්චර්ස් (පුද්.) සමාගම, එල්. එම්. ස්පයිසස්, සිලෝන් කරි ප්‍රඩක්ට්ස් (පුද්.) සමාගම ඇතුළු තවත් බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ජාතික ශිල්ප සභාවේ සාමාජිකයින් පිරිසක්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම දෙමුහුන් වැඩසටහනට සහභාගී වූහ. ග්ලෝබල් ප්‍රිමියම් වයින් සමාගම (ඩිල්මා තේ), තායිලන්තයේ කේ ස්ක්වෙයා සමාගම, යූරෝ- ස්කෑන් එක්ස්පෝර්ට්ස් (පුද්ගලික) සමාගම, ම්ලෙස්නා (ලංකා) සමාගම ද මෙම අවස්ථාවට සහභාගී විය.

සමාරම්භක උත්සවයෙන් පසුව, තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) නිත්‍ය නියෝජිත සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය සහ සිය සැමිය වන ස්ටීවන් සේනානායක මහතා ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියේදී රාජකීය උත්තම මහා චක්‍රි සිරින්දෝන් කුමරිය සාදරයෙන් පිළිගත් අතර, එහිදී ශ්‍රී ලංකා ජාතික ශිල්ප සභාව විසින් නිර්මාණය කරන ලද  රිදී ආලේපිත සම්ප්‍රදායික චෛත්‍යයක් එතුමිය වෙත පිළිගන්වන ලදි. තානාපතිනිය මෙහිදී ශ්‍රී ලංකාවට ආවේණික කුළුබඩු සහ හස්ත කර්මාන්ත පිළිබඳව අදහස් දැක්වූවා ය. රාජකීය උත්තම මහා චක්‍රි සිරින්දෝන් කුමරිය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල අන්තර්ගත විශිෂ්ටත්වය පිළිබඳව පැහැදුණා ය.

කුරුඳු, කරාබු නැටි, එනසාල්, සාදික්කා, කරපිංචා වැනි ලංකා කුළුබඩු මෙන්ම සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත, බතික්, පිත්තල, මැටි සහ ලී නිෂ්පාදන, රසවත් කෙටි ආහාර, වියළි පලතුරු සහ එළවළු සහ මල් සඳහා විශාල ඉල්ලුමක් පවතී. මෙම සල්පිලට පෙර, 2022 පෙබරවාරි 21වැනි දින පැවති මාධ්‍ය හමුවකදී, තානාපති කාර්යාලය තායි මාධ්‍ය හමුවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පිළිබඳව ඉදිරිපත් කිරීම් කීපයක්  සිදු කළේ ය. තවද, බැංකොක් හි සිටින දේශීය සහ විදේශීය ප්‍රජාවට මෙම නිෂ්පාදන හඳුන්වා දෙන ලදි.

රටවල් 53ක සහභාගීත්වයෙන් 2022 මාර්තු 03-06 වැනි දින තෙක් පවත්වන ලද මෙම සල්පිල, වෙළඳ කුටි 220 කින් සමන්විත වූ අතර, ඉන් වෙළඳ කුටි 176 ක් විදේශ තානාපති කාර්යාලවලට අයත් කුටි විය. මෙම සල්පිල සඳහා නරඹන්නන් 21699 දෙනෙකුට වඩා වැඩි පිරිසක් ආකර්ෂණය විය. තානාපති කාර්යාල, රාජකීය අනුමැතිය යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘති, පෞද්ගලික සමාගම් මෙන්ම තායි රතු කුරුස සිහිවටන වෙළඳසැල නියෝජනය කළ ප්‍රදර්ශකයින් 88 දෙනෙකුට වැඩි පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගී වූහ.

තානාපති කොළොන්නේ මැතිනිය සහ එතුමියගේ සැමියාගේ මඟපෙන්වීම යටතේ, කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපති කුමුදිනී ගුණසේකර මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී. ද මෙල් මහතා, ජාතික ශිල්ප සභාවේ  සභාපති සම්පත් එරැහැපොළ මහතා, තායිලන්තයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමණාකාරතාරකා ගලහිටියාව මහතා, තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, පළමු ලේකම් සාරිතා රණතුංග මහත්මිය සහ බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය දැරූ සාමූහික ප්‍රයත්නය හේතුවෙන්, ශ්‍රී ලංකාවට සාර්ථක ලෙස මෙම සල්පිලට සහභාගී වීමට හැකි විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 මාර්තු 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close